ඉන්දියාව : බොලිවුඩයේ මුල්ම සුපිරි තරුව මෙලොවින් සමු ගනී.


l කිෂානි වැලිවිටිගොඩ

දහස් ගණන් සිනමා ප්‍රේක්ෂක හදවත් තුල නොමියෙන බොලිවුඩයේ මුල්ම සුපිරි තරුව වන රාජේශ් ඛන්නා අද දින ඉන්දියාවේ මුම්බායි නුවරදී අභාවප්‍රාප්ත විය. පසු ගිය දින කිහිපය තුලදී සනාථ කර නොගත් රෝගී තත්වයකින් පෙළුණු ඔහු මිය යන විට 69 වෙනි වියේ පසු විය. රාජේශ් ඛන්නා 1960 සහ 1970 වර්ෂ වලදී නිෂ්පාදනය වූ සිනමා නිර්මාණ වලට ලබා දුන් ඔහුගේ නිර්මාණශීලි රංග ප්‍රතිභාව නිසා බොහෝ රසිකයන්ගේ පිළිගැනීමට පාත්‍ර විය. එම කාලය තුළදී ඔහුගේ දායකත්වය සිනමා නිර්මාණ 160 කට වඩා ප්‍රමාණයකට ලබා දී තිබිණ.ඔහු රංගන දායකත්වය දැක් වූ සිනමා නිර්මාණ අතුරින් "ආරාධනා" , "හාති මේරේ සාති", "ආනන්ද්" සහ " අමර් ප්‍රේම්" වැනි නිර්මාණ වලට සුවිශේෂී වේ.

රාජේශ් ඛන්නා සිනමා රංග වේදියාගේ නාමය බොලිවුඩය තුළ සදා අමරණිය වනු ඇත.