අමරේ රාජපක්ෂ රජයේ සුරතලෙක්.


පාතාල සාමාජිකයින්ට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව තංගල්ල මහා අදිකරණ විනිසුරුගේ හෙළිදරවුව පාදක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රජයට බරපතල ලෙස චෝදනා කරයි. වරෙන්තු සහිත අපරාදකරුවකු තංගල්ල බන්දනාගාරයට ගොස් සැකකරුවෙකු හමුවුයේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ උප සබාපති ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කර සිටි. මේ අපරාදකරුට විරුද්දව වරෙන්තු 100 කට වඩා ඇත. ඔහු මිට සතියකට පෙර තංගල්ල බන්දනාගාරයට ගොස් සැකකරුවකු හමුවී තිබේ. මේ තත්වය තුල ඔහුට රාජ්‍ය අනුග්‍රහය පැවතුනු බව කිරිඇල්ල මහතා කියා සිටින අතර පොලිසිය සෝදිසි කරමින් සිටියදීත් ඔහුට බන්දනාගාරයට යාමට හැකිවුයේ ඒ නිසා බවද ඔහු වැඩිදුරටත් කියා සිටි.

හර්ෂි සි. පෙරේරා