නිරෝෂන් ගමආරච්චි එරෙහිව පානදුර දකුණ පොලිසියේ සරත් පෙරේරා



හර්ෂි සි. පෙරේරා

27 හැවිරිදි නිරෝෂන් ගමආරච්චි බණ්ඩාරගම පදිංචි අවිවාහක අලෙවි නිලදාරිවරයෙකි. 2012.06.16 දින රාත්‍රී 8.45 ට පමණ ඔහුගේ මල්ලි වන මහේශ්ව පොලිසියෙන් අල්ලා ගෙන ඇවිත් ඇති බැවින් බැලීමට එන්නයි දුරකථන ඇමතුමක් ලැබිණි. අතරමගදී පොලිස් නිලදාරීන් දෙදෙනෙක් ඔහුගේ මල්ලිව අල්ලන් යනු දැක ඇත. ඔහු රාළහාමි ඇයි මල්ලිව අල්ලන් යන්නේ කියා ඇසුවිට පානදුර පොලිසියේ සැරයන් සරත් පෙරේරා ඔහුගේ කනට මුහුණට සහ ඔළුවට පහර දී තිබේ. පසුව ඔහුවත් ජීප් එකේ දා ගෙන පානදුර පොලිසියට ගෙන ගොස් කුඩුවට දමා ඇත. පසුදින සවස උසාවියට ඉදිරිපත් වන ලෙස නියෝග කර ඇප මත නිදහස් කර ඇත. ඔහුට පහරදීම හේතුවෙන් බණ්ඩාරගම රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඔහු තමාට පහරදී තුවාල සිදු කිරීම, නිතිවිරෝදිව අත්අඩංගුවට ගැනීම, වියාජ චෝදනා මත අදිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් පානදුර දකුණ පොලිසියේ සේවය කරන සැරයන් සරත් පෙරේරාට එරෙහිව නීතිමය හා විනයානුකුල පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමෙන්, පොලිස්පතිගෙන්, පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිගෙන් සහ කොලබ ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිගෙන් 2012.06.21 දින ලිකිත පැමිණිලි මගින් ඉල්ලා සිටියේය.