වාර්ගික ගාතකයා UN හි සන්චාරක නායකයා වීම.



හර්ෂි සි. පෙරේරා

එක්සත් ජාතීන්ගේ සන්චාරක කටයුතු පිළිබද මුල් පුටුවට එන ලෙස වාර්ගික ගාතනය සහ රට බංකොලොත් කිරීම පිළිබද චෝදනා ලැබූ සිම්බාබේ ජනාදිපති රොබට් මුගාබිට පැවසූ බව වාර්තා වේ. මෙය කෝපයට මෙන්ම සංවිදානයේ විශ්වසනීයත්වය බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට හේතු වී ඇත. ඔහුට වාර්ගික සමුල ගාතනය, මැතිවරණ වංචා , විපක්ෂයට ත්‍රස්තවාදී ලෙස සැලකීම, මාද්‍ය පාලනය සහ කඩාවැටුණු ආර්ථිකයක් පාලනය කිරීම පිළිබද බරපතල චෝදනා එල්ල වී තිබේ. 88 වැනි වියේ පසුවන ඔහුට සංචාරය කිරීම පිළිබද තහනමක්ද ක්‍රියාත්මක වේ. කෙසේනමුත් ඔහුව එක්සත් ජාතීන්ගේ ලෝක සන්චාරක සංවිදානය සන්චාරක කර්මාන්තයේ නායකයා ලෙස ගවුරවාදරයට පාත්‍ර කර ඇත.