අයි.සී.සී. සභාපති හා අගමැති අතර හමුවක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් සහ අගමැති රනිල් වික්‍රමසිංහ  අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජ්, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන  ඇතුළු පිරිස මේ අවස්ථාවට එක්විය.