බැරිකම වසාගන්න චම්පක කෙළින බොරු

| දර්ශිනි විමලසුරිය

තම බැරියාව වසා ගැනීම සඳහා ඉතිහාසය හා අන්තර්ජාතික දේශපාලනය ගැන බොරු කෙප්ප ඇදබාන චම්පක රණවක එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය වැනි දියුණු රටවලද වර්ථමානය වනවිට විදුලි කප්පාදු සිදුකරන බව සහ සුද්දෙන් කියා සිටියි. ඔහු විසින් මේ කෙප්පය ඇද බෑවේ ‘හෙට වෙනුවෙන් අද’ බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට සමගාමීව පාර්ලිමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි. එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය වැනි දියුණු රටවලද වර්ථමානය වනවිට විදුලි කප්පාදු සිදුකරන බවත්, එය එම රටවල පාලනාධිකාරියේ ප‍්‍රශ්නයක් නොව ශිෂ්ටාචාරයේ ප‍්‍රශ්නයක් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දිවුරා කියා සිටියි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සිදුවූ හදිසි තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ටෝකියෝ ආශ‍්‍රිත නගරවල පැය කිහිපයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවී ඇති බවත් ජර්මනියේ රයින් ගගේ වතුර මිදීම හේතුවෙන් ජල විදුලි බලාගාර කිසිවක් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද පෙන්වා දෙන ලදී. ලෝකයේ බොහෝ රටවල වර්තමාන තත්ත්වය ඒ ආකාරයෙන් සිදුවුවද, ශ‍්‍රී ලංකාවේ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුකර නැති බව පැවසූ අමාත්‍යවරයා පැය විසිහතරම සතියේ දින හතම අඛණ්ඩ විදුලිබල සැපයුමක් රට පුරා ලබාදෙන එකම රට ශ‍්‍රී ලංකාව බවද පැවසීය. මෙම සමුළුවට සහභාගී වූ පිට රට ගොස් රට තොට ගැන දැනුමක් තිබෙන නිලධාරීන් අමාත්‍යවරයාගේ කෙප්පය අසා මුහුණින් මුහුණ බලාගත් බව එතන සිටි නිලධාරියෙක් අපට පැවසිය.