" උබද මිනිහා?"- මීගහතැන්න පොලිසිය ගොවි මහතෙකුට වද දෙයි.



හර්ෂි සි. පෙරේරා

ඔහු නමින් හබරකඩ ලියනගේ සම්පත් විජේවන්ත. 38 හැවිරිදි විවාහක දෙදරු පියෙක්. රැකියාව ගොවිතැනයි. කිතුලවිල, මිගහැතන්නේ පදිංචිව සිටි.

මෙය සිදුවන්නේ 2012.05.08 දින සවස 6.45 ට පමණ ඔහුගේ පියා බැලීමට මහගෙදර ගොස් සිටයදී. එවිට මීගහතැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සහ ග්‍රාම ආරක්ෂක කරුණේ ටි 56 ක්ද රැගෙන එහි පැමිණෙයි.

රාජපක්ෂ උබද මිනිහා යයි අසමින් ඔහුට අතින් මුහුණට පහර දී ඇත. එම පහරවල් නිසා ඔහුගේ ඇස් නොපෙනී ගොස් බිම වැටී ඇති අතර බිම වැටීමෙන් පසුවද ඔහුට පහර දී ඇත. ඔහුගේ පියා පහර නොදෙන්නයි ඉල්ලමින් රාජපක්ෂගේ අතේ එල්ලී ඇති අතර ඒ අවසරයෙන් සම්පත් අසල තේ වගාවට රිංගා පහුවදා එලිය වැටෙන තුරු එහි සිට ඇත.

ඔහු එදින උදේ 10 ට පමණ නාගොඩ රෝහලේ 3 වන වාට්ටුවට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුලත් වී තිබේ. රෝහලට ඇතුලත් කිරීමේ අංකය 36083 වේ. 2012.05.11 ටිකට් කපා ඇත. රෝහල් පොලිසියෙන් ප්‍රකාශයක් ගෙන ඇත. මීගහතැන්න පොලිසියෙන් පැමිණ ප්‍රකාශයක් ගත්තද එය ඔහුට කියවා තේරුම් කර දී නැත. පහරදීම නිසා නිල පැහැ ගැනුණු ඔහුගේ වම් කකුලට බැන්ඩේජ් එකක්ද දමා ඇත.

  2012.05.12 දින ඔහු මෙම කෘර වදහිංසාව මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර ජේස්ට පොලිස් අදිකාරිවරයට ලිකිතව පැමිණිලි කරන ලදී.