ඉඩම් කොල්ලය, මහේන්ද්‍රරජා ගාතනය සහ කැනඩාව.

 
හර්ෂි සි. පෙරේරා

මේ වනවිට උතුරේ සහ නැගෙනහිර දෙමල ජනයාගේ ඉඩම් කොල්ලකෑමට විරුද්දව ශ්‍රී ලංකාවේ බලදාරින් දෙස් විදෙස් විරෝදයට පාත්‍ර වෙමින් සිටි. මේ තත්වය තිර්ව වීමට ගිය සතියේ සිදුවූ කැනඩාවේ සිට මේ හි පැමිණි අන්තොනිපිල්ලේ මහේන්ද්‍රන්රජා මහතා ගාතනය කිරීම හේතුවී ඇත. මෙම ගාතනය සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කැනේඩියානු ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. මහේන්ද්‍රන්රජා මහතා ලංකාවට පැමිණෙන්නේ කිලිනොච්චියේ තමන්ට අයිති ඉඩම් ආපසු ලබා ගැනීමටයි. ඔහුව මරා දමන විට හෙතෙම තම ඉඩමේ නිවසක් ඉදි කරමින් සිටියේය. අද ඩේලිමිරර් පුවත්පත පවසන ආකාරයට මේ කරුණ සම්බන්දයෙන් ඔහුට හමුදාව සමග මත ගැටුමක් විය. ටැමිල් නෙට් වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට ඔහුගේ ගමන් බිමන් ගැන හමුදාව සෝදිසියෙන් පසුවිය. ඔහුගේ දේපල යුද සමයේ එල් ටි ටි ය තම කිලිනොච්චි මුලස්ථානය ඉදිකිරීමට අත්පත් කරගෙන තිබිණි. කෙසේනමුත් කැනඩා ආණ්ඩුව මෙම ගාතනය සම්බන්දයෙන් සම්පුර්ණ පරීක්ෂණයක් කරන්නයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර සිටි.