ගෘහස්ත හින්සකයාව බණ්ඩාරගම පොලිසිය රකියි.



හර්ෂි සි. පෙරේරා

මහේෂා උදයංගනී 28 හැවිරිදි දෙදරු මවකි. බණ්ඩාරගම පදිංචිව සිටි. සංජිව කමලසිරි ඇගේ සුවාමිපුරුශයා වේ.කමල්සිරි නිරතුරුව ඇයට සහ දරුවන්ට පහර දෙයි. එක වරක් මෙසේ පහරදීම නිසා මහේශාට දින 9 ක් කොලබ ජාතික රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදු විය. ඇගේ දියණිය මොහුගේ පහර කෑමට ලක්ව දින 09 ක් ළමා රෝහලේ ප්‍රතිකාරද ලබා ගෙන ඇත. මිට අමතරව ඇය මෙම පහරදීම නිසා කිහිපවරක්ම හොරණ රෝහලින් ප්‍රතිකාර ලැබූ බව වාර්තා වේ. මෙම අමානුෂික පහර දීම ගැන බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කලත් එයින් වැඩක් වී නැත. 2012.05.06 දින මෙම පහරදීම පිලිබදව බණ්ඩාරගම පොලිසියට කල පැමිණිල්ලේ අංකය MCR /203/12CIB I 201/74 වේ. ඇය මේ පිලිබදව එනම් බණ්ඩාරගම පොලිසිය නිතිය ක්‍රියාත්මක නොකිරීම ගැන 2012.05.10 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකරිවරයාට ලිකිතව පැමිණිලි කළාය.