"ප්‍රබාකරන්ට කරපු දේ තමයි උබට කරන්නෙත් බඩු නොදුන්නොත් "- ඉංගිරිය එස්. ටි. එෆ්.



හර්ෂි සි. පෙරේරා

ඉංගිරිය එස් ටි එෆ් කැම්ප් එකේ නිලදාරීන් මෙසේ ඔළුවට පිස්තෝලයක් තබා බැණ තර්ජනය කලේ සරසවි පුෂ්ප කුමාරටය. හෙතෙම 41 හැවිරිදි විවාහක තිදරු පියෙකි. රැකියාව ලෙස ගොවිතැන් කරයි. පුස්වලද්දර, කනන්හෙන හොරණ පදිංචිව සිටි.

හර්දයබාදයකට ප්‍රතිකාර ලබා ගෙදර පැමිණ සිටි මොහුට එස් ටි එෆ් නිලදාරීන් විසින් පහර දෙන ලදී. එය වැළැක්වීමට පැමිණි ඔහුගේ බිරිදටද ඔවුන් විසින් පහර දෙන ලදී. ඔවුන් ඉල්ලා සිටියේ අරක්කුය. පුෂ්පකුමාරව හොරණ පොලිසියට ගෙන යන අතරමගදී හිස් බෝතලයකට කසිප්පු දැමු සහ කැන් එකකට ලාකඩ තබා ඔහුගේ ඇගිලි සලකුණ ගෙන තිබේ.

හොරණ පොලිසියේදී ඔහුට කියවීමට නොදුන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇති අතර ඒවා සිදු කර ඇත්තේද එස් ටි එෆ් නිලදාරීන් විසිනි. ඔවුන් උබ මේකට නිවරදිකාරයා කිව්වොත් බෝම්බයක් දාලා යවනවා යනුවෙන් තර්ජනය කර ඇත. පසුව ඔහුව පොලිස් නිලදාරීන් කුඩුවට දමා ඇති අතර පහුවැනිදා ඇප ලබා දී ඇත්තේ 14 වැනිදා හොරණ උසාවියට පැමිණෙන ලෙස දැනුම් දෙමිනි.