පානදුර පොලිසියේ කාන්තා හිංසනය.



හර්ෂි සි. පෙරේරා

ඇය පද්මා වර්ණසුරිය නම් වේ. 30 හැවිරිදි වියේ පසුවන ඇය දෙදරු මවකි. පානදුර අලුබෝමුල්ලේ පදිංචිව සිටි.

  2012.04.16 දින සවස පානදුර පොලිසියෙන් ඇගේ නිවසට පැමිණේ. නිවස සෝදිසි කිරීමෙන් අනතුරුව නාමින් සිටි පද්මාට පහර දී ඇත. පානදුර පොලිසියේ නයනජිත් නැමැත්තා ඇගේ අතක්ද සපා කා ඇත. පසුව නිවසට පැමිණි ඇගේ සැමියාට ද පොලිසිය පහර දී ඇති අතර ගම්වැසියන් මුල්වී ඇගේ සැමියාව ඒ ස්ථානයෙන් පිටකර ඇත.

පසුව ඇය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් ඇත්තේද ඇද සිටි දිය රෙද්ද පිටිනි. ඇදුමක් ඇදිමටද ඉඩ දී නැත. පොලිසියේදී ඇයට අසබ්ය වචනයෙන් බැණ වැදී කුඩුවටද දමා තිබේ. පසුව පානදුර රෝහලට ඉදිරිපත් කර ඇත. ඉන්පසුව අදිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර 27 වැනිදා ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ඇයට එරෙහිව නගා තිබු වියාජ චෝදනාව කසිප්පු බෝතල් 30 ක් ලග තබා ගැනීමයි. පානදුර පොලිසියේ නයනජිත් නැමැත්තා ඇගේ සැමියාට බෝම්බ දමා බන්දනාගාර ගත කර මරා දමන බවටද තර්ජනය කරයි.

ඇය මේ ගැන 2012.05.02 දින මානව හිමිකම් කොමිසම් සබාවට, ජාතික පොලිස් කොමිසම් සබාවට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිවරයට ලිකිතව පැමිණිලි කළාය.