පැහැරගැනීම : "දේශප්‍රේමී අයිඩියා"

| නිලන්ත ඉලංගමුව

කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල මේ වන විටත් ජීවතුන් අතර නොමැතිද? කුමාර්ට සහ දිමුතුට සිදු වූයේ විජේවීරට සිදු වූ දෙයමද? ගැටලුවට පිළිතුර ඇත්තේ ඔවුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කළ සහ එය නිවැරදිව සැලසුම් කළ අයවලුන් සතුවය. අදාළ කාරණා පිළිබඳව කිසිඳු ආකාරයක බලාපොරොත්තුවකින් ලිවීමට නොහැකි අතර මෙම කාරණයද ප්‍රගීත් එක්නැලිගොඩ හා සම්බනධයෙන් වන කතා පුවතේම තවත් දිගුවකි. විපක්ෂය සල්ලි වලට ගැනීමේ ලොකු වුමනාවක් අනෙක් දේශපාලකයින්ට මෙන්ම රාජපක්ෂටද තිබුණේය. එසේම තමාට එරෙහිව අවදිවන විපක්ෂිකයා මුදල් වලින් නිහඬ කළ හැකි බව රාජපක්ෂ විස්වාශ කරණ මුලික දේශපාලන මූලධර්ම වලින් එකකි. එය නොහැකි බව ඔහුට වැටහුණේ ජනරාල් සරත් ෆොන්සේකා මට්ටු කිරීමට ගොසිනි, ඔහුට එය මුදල් වලින් කිරීමට නොහැකි වූ අතර රාජපක්ෂගේ දෙවොල රත් වුණේ එවිටය. ඉන් පසු ඔහු වෙනම තියරියක් හැදුවේය. ජනරාල්කඩිමුඩියේ පැහැරගෙන ගොස් නඩු පිට නඩු පටවා හිර කළේ ඉන් පසුවය. කොටින්ම කිව්වොත් තමන්ගේ නිතීඥ ඥානය පයිසෙකට නොසලකා හැර ෆොන්සේකාට එකම කාරණය සම්බන්ධයෙන්ද නඩු දැම්මේය. ෆොන්සේකාගේ දේශපාලනය තත්පර දහයකට සීමා කළ රාජපක්ෂ ඔහුගේ අමුලික මුසාවන් වෙනුවෙන් රටේ සියලුම සම්පත් නාස්ති කරමින් සිටින්නේය. කොතරම් කාලයක් මෙම ආඩම්බරකාර තාත්තාගේ පට්ටපල් බොරුවලට රැවටෙනවාද යන්න අප හමුවේ ජාතියක් ලෙස පවතින අභියෝගය වේ. ඔහු මුළු රටම පටලව ඇත්තේ උගුලකය. එම උගුල හසුරවනු ලබන්නේ රාජපක්ෂ සමඟ පෞද්ගලික ගනුදෙනුකම් තිබෙන චීනය සහ රුසියාවය.

රෝමන් ජාතික දර්ශිනකයෙකු වූ ලුසියස් සෙනෙකා
 වරක් ප්‍රකාශ කරනු ලැබූ ආකාරයට, දෙවියන්ට යමෙකු
 විනාශ කිරීමට අවැසි වූ විට ඔහු/ ඇය පළමුවෙන් මානසික
 පිස්සෙකු බවට පත් කරනු ලබයි, යන්න රාජපක්ෂගේ
වත්මන් භූමිකාව තුළින් ස්පුථ වන මුලික නිරීක්ෂණය වේ.
නමුත් ගැටලුව වන්නේ ලංකාවේ දේශපාලනේ මේ ආකාරයේ
උන්මන්තකයින් සිටි පළමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව
මෙය නොවීමයි. එමෙන්ම මේ හමුවේ බදු මුදල් ගෙවන ජනතාවට
 ඇති අභියෝගය අතිශය බැරෑරුම් එකකි. රාජපක්ෂ රට හමුවේ
කියා පාන ආදරය වෙන කිසිවක් නොව, නරියෙක් බඩගින්න
නිවා ගැනීමට අවස්ථාව එළඹෙන තෙක් කිකිළියකට පෙම්
බැඳීම හා සමානය. 
(සේයාරුව: පැහැරගැනීමට ලක් වූ කුමාර්)
රාජපක්ෂ ආණ්ඩුවේ අලුත්ම ගොදුර බවට පත් වී ඇත්තේ පෙරටුගාමී පක්ෂයේ නායකයා සහ එම පක්ෂයේ කාන්තා අංශයේ මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ සම්බන්ධීකාරණිය වේ. රාජපක්ෂ වෙනදා මෙන්ම කතාවක් ගෙතිය හැකි තැනකට අතගසා තිබේ. නොඑසේනම්, අදාළ කාරණය හමුවේ රට මෙන්ම ලෝකය හමුවේ තොත්ත බබෙකු ලෙස හැසිරිය හැකි වටපිටාවක් ඇති තැනකට තම හූනියන් යන්ත්‍රය ඉලක්ක ගත කොට තිබේ. එනම් අදාළ පුදගලයින් දෙදෙනා පහර ගනු ලැබුවේ තම සතුරු පිලේ එනම් සෝමවංශ බලකායේ කටයුත්තක් ලෙස පෙන්විය හැකිය. එසේ නොහැකි වුවහොත් එය ජනතා විමුක්ති පෙරමුණෙන් පයින් ගැසීම නිසා ජාතිවාදය සහ අනුන්ගේ දේශපාලන ඔලමොට්ටලකම් තමන්ගේ "දේශප්‍රේමී අයිඩියා" ලෙස හුවා දක්වමින් එදාවේල දේශපාලනය කරමින් තමන්ගේ මඩිය තරකරගන්නා වීරවංශගේ බේබදු දේශපාලන කල්ලිය මත පැටවිය හැකිය. එය අද දින සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට ලබා දී ඇති නිවට නියාලු අදහස් දැක්වීමෙන් වීරවංශ තහවුරු කොට ඇත. එසේත් නොහැකි වුවහොත් එය එම කණ්ඩායමේම උගුලක්‌ ලෙස හුවා දක්වමින්, ප්‍රගීත් එකනලිගොඩ ගැන මිනිස් ජීවිත ගැන කිසිඳු බඩ කඩේත්තුවක තරමක්වත් වටිනාකමක් නොදෙන හිටපු නීතීපති මෝහාන් පීරිස් වැනි අයෙක් ලවා එය ජාත්‍යන්තරීකරණය කිරීමට හැකි වටපිටාව සකසනු ඇත.

රාජපක්ෂගේ සුපුරුදු දේශපාලනය වන අනෙකා ගොනාට අන්දවා හෝ සතුරා අතුගා දැමීමේ කටයුත්ත සමීකරණගත කොට ඇත්තේ එසේය. ඔහුට ඔහු හිරේ සිටින අවධියේදී තම මවගේ මළ ගමට ඒමට අවස්ථාව ලබා දුන්නද, ඔහු විසින් අතුරුදන් කරන අයවලුන් වෙනුවෙන් සලකුණක්වත් තැබීමට සූදානම් නැත. මෙය යථාර්තය නොදැන සිදුකරන සෙල්ලමක් නොවේ. එනම් ඉතාම පරෙස්සමින් සිදුකරන ආඩම්බරකාර තාත්තගේ උමතු මිනීමරු පිස්සුවෙ කොටසකි. රටට වින කොට හෝ තමන්ගේ බලය රැකගැනීම සඳහා හූනියම් කිරීම තම විස්වාශය බවට පත්වීමට තරම් සහ අනෙකා සාක්ෂි නොමැතිව අතුගා දැමීමට තරම් ඔහුගේ තත්වය වැටී ඇත. රෝමන් ජාතික දර්ශිනකයෙකු වූ ලුසියස් සෙනෙකා වරක් ප්‍රකාශ කරනු ලැබූ ආකාරයට, දෙවියන්ට යමෙකු විනාශ කිරීමට අවැසි වූ විට ඔහු/ ඇය පළමුවෙන් මානසික පිස්සෙකු බවට පත් කරනු ලබයි, යන්න රාජපක්ෂගේ වත්මන් භූමිකාව තුළින් ස්පුථ වන මුලික නිරීක්ෂණය වේ. නමුත් ගැටලුව වන්නේ ලංකාවේ දේශපාලනේ මේ ආකාරයේ උන්මන්තකයින් සිටි පළමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව මෙය නොවීමයි. එමෙන්ම මේ හමුවේ බදු මුදල් ගෙවන ජනතාවට ඇති අභියෝගය අතිශය බැරෑරුම් එකකි. රාජපක්ෂ රට හමුවේ කියා පාන ආදරය වෙන කිසිවක් නොව, නරියෙක් බඩගින්න නිවා ගැනීමට අවස්ථාව එළඹෙන තෙක් කිකිළියකට පෙම් බැඳීම හා සමානය.

කුමාර් රාජරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගැනීම් තුළින් කිසිඳු අමුතු දේශපාලන ප්‍රවණතාවයක් අප හමුවේ ප්‍රධුර්භූත කොට නැත. මෙය පසුගිය කාලය පුරාවටම සිදු වූ සුපුරුදු ක්‍රියාවලියේ එක්තරා දිගුවක් පමණි. මුදල් වලින් බා ගැනීමට නොහැකි පිරිස සහ රාජපක්ෂේ බමුණු කුලකය තුළට වද්දා ගැනීමට සුදුසු නැති එනම් ආරක්ෂක ලේඛම් ගෝඨාබයගේ වචන වලින් කියන්නේ නම්, ගැරඬි, අතුගා දැමීමේ සුක්ෂම වැඩපිළිවෙලයි. ඔවුන් මිනිමරන්නේ කිසිවක් අමුතුවෙන් යොදාගෙන නොව, අප රටේ පවතින මෝඩකම, කුහකකම, තණ්හාව, අසාධාරණයට සාමුහිකව එකතුවීමට ඇති අසමත්කම සහ ඉතිහාසය පුරාම නොමැකෙන අකුරින් ලියා ඇති පාවාදීමේ ගතිය මූලික කරගෙනය. මෙම ගුණයන් නිසි පරිදි කළමනාකරණය කරමින් ඔවුන් අපේම මව් පියන්ගේ දරුවන් අතට තුවක්කු ලබාදී අපේම මව්පියන්ගේ දරුවන් විනාශකරමින් ඔහුගේ අරමුණුකරා ගමන් කරමින් සිටින්නේය. මෙය ජාතියපිලිබනදව වන ප්‍රශනයක් නොවේ. මෙය පවුල පිළිබඳව වූ ප්‍රශ්නයකි. රටක් ආයතනගත කොට ඇති පොදු නිතීය අල්ලට ගෙන එය තමන්ගේ භූදලයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය පසුබිම අපි විසින් නිර්මාණය කිරීමේ ඛේදවාචකය වන්නේ මෙයයි. අද දින ප්‍රේම කුමාර් ගුණරත්නම්ගේ මෑණියන් වන වී. ආර්. ගුණරත්නම් සහ ඔහුගේ සහෝදරිය වන නිරන්ජනී ගුණරත්නම් යන අයගේ දෑස්වලින් ගලාගිය කඳුළු වලට හේතුව වන්නේ දේශපාලකයින් ලෙස හැඩ ගන්වා වේදිකාවලට පැමිණ අමුලික බොරු වමාරමින් සෙල්ලම් දැමූ සල්ලාලයන් පිරිස ක්‍රමානුකූලව සිදු කළ ආයතනික ව්‍යුහයේ කඩාදැමීමයි. පසුගිය කාලය පුරාවටම සන්ධ්‍යා එක්නැලිගොඩ තම අසරණ දරුවන් සමඟ යුක්තිය සොයා ලෝකේ වටේ ගමන් කරමින් දහදුක් විදින්න්නේ එකී සල්ලාලයින් පිරිස් සිදුකළ මුලික ආයතනික ඝාතනයේ අස්වැන්න විසින් අපට තිලිණ කළ දායාදය නිසාය. මේවායෙහි වේදනාව බලය තමන්ගේ බූදලය කරගෙන සිටින කිසිවෙකුට අදෝ ප්‍රදේශයෙන් යන වාතයක් තරම්වත් නොදැනෙන මට්ටමට රටේ හරය නැසී තිබේ.

ඉන්දියාවේ කොටි පුහුණු කඳවුරු ඇති බව කියමින්, එහි පුහුණුව ලැබූ කොටින් විසින් ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාගේ ගෝලයෙකු මැරූ බව පසුගිය සතියේ රටේ ප්‍රධාන පුවත විය. නමුත් ඊට දින කිහිපයකට පෙර ඔහුගේම ගෝලයෙකු විසින් ඩෙල්ෆ් දුපතේ වයස අවුරුදු 13 ක් වූ ජේසුදාසන් ලක්ෂ්මි නමැති පාසල් දැරිය පැහැරගෙන ගොස් දූෂණය කොට හිස් කබල ගලකින් කුඩු කොට මරා දමන විට නිතීයට ඉහලින් තබා ඇති බලය සහ එහි සපත්තු පිරිමදින්නන් මුනිවත රකිති. එම දේවානන්ද පිටුපසින් තබාගෙන තම ආණ්ඩුවට මානව හිමිකම් රැකීම ගැන කියාදෙන්නට අවශ්‍ය නැති බව ආණ්ඩුව ජිනීවා වල කියන විට , ඕනෑම අයෙකුට ආණ්ඩුවේ ඇත්ත තේරුම් ගැනීමට වැඩි දුර යායුත්තේ නැත. රටේ සමස්ත අවුල වන්නේ මෙයයි. ප්‍රේම කුමාර් ගුණරත්නම් පැහැර ගැනීම වූ කලි එකී නින්දිත වැඩපිළිවෙලේ එක් බරපතල ප්‍රවණතාවයකි. රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ රට තුළ මෙසේ සිදුවන කටයුතු සඳහා වැරදි පැටවීමට කල්ලියක් නැති වීමයි. කොටින් නැති කිරීමෙන් තම පුද්ගලික වාසි සීමාව ඉක්මවා ගනිමින් සිටි හෙතම එය නැති වීමෙන් සිදුවන අවාසිය මඟහරවා ගැනීම සඳහා යළිත් කොටින් , ග්‍රීස් යකුන් මෙන් නිර්මාණය කළහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ආරථික වශයෙන් අතිශය බරපතල තත්වයකට තල්ලු වෙමින් පවතින වත්මන් වටපිටාව හමුවේ රාජපක්ෂගේ හෙළුව වසා ගැනීම සඳහා මෙවැනි ඛේදවාචක මිස වෙනත් සුසමය දේශපාලනයක් බලාපොරොත්තු විය නොහැකිය. රට හමුවේ ඇති අභියෝගය වන්නේ මුළු රටම රාජපක්ෂ විසින් පැහැරගෙන ගොස් නින්දිත ලෙස මරා දැමීම වැලැක්වීම සඳහා රාජපක්ෂ පැහැරගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැලකීමයි. ඔහු පැහැරගැනීම වූ කාලී රටේ බදු මුදලින් වඩා ගත් දුර්ගඳ පංචස්කන්දය නොව වඳුරෙකුට දැලි පිහියක් ලබා ආදී ඇති ආකාරයෙන් ජනතාව විසින් ඔහුට ලබා දී ඇති සහ ව්‍යවස්ථාමය වශයෙන් වැඩි කරගත් නිතීමය වශයෙන් ප්‍රශ්න කළ නොහැකි "බලය" පැහැරගැනීමයි.