“ඔවුන් මා කරාද පැමිණෙමින් සිටි.”

හර්ෂි සි. පෙරේරා

“ඔවුන් සමාජවාදීන් කරා පැමිණෙන විට මා නිහඩ වුයේ මා සමාජවාදියෙකු නොවන බැවිනි. ඔවුන් වුර්තිය සමිති ක්රියදරයින් කරා පැමිණෙන විට මා නිහඩ වුයේ මා වුර්තිය සමිතිකරයෙකු නොවූ බැවින්. ඔවුන් ඉන්පසු යුදෙවුවන් කරා පැමිණියහ. එවිටද මා නිහඩ වුයේ මා යුදෙවුවකු නොවූ බැවිනි. දැන් ඔවුන් මා කරා පැමිණ ඇති අතර මා වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙකුද නැත.”- මාටින් නිලමොරේ . දැන් මතුගම පොලිසිය ලක්ෂ්මන් කළුආරච්චි සොයා එයි. ඔහු මිට පෙර මෙම ශ්‍රී ලංකා පොලිසියේ අන්ත දුෂිත නීතිවිරෝදී වැඩ ගැන දැන සිටියේද? නැතිනම් ඒ සම්බන්දයෙන් නිහඩව සිටිමින් පොලිසිය බාර මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වුයේද? කෙසේනමුත් දැන් පිඩාවට සහ වේදනාවට පත්ව ඇත්තේ ලක්ෂ්මන්ය. ඊලග ගොදුර කවුද?


01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීතිවිරෝධී ලෙෂ අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසට 
කරනු ලබන ඉල්ලීමයි.

ලක්ෂ්මන් ක`ඵආරච්චි, අවු: 31යි, අවිවාහක, රැකියාව : ව්‍යාපාරික.
ලිපිනය : 301, එගොඩවත්ත, පිඹුර, අගලවත්ත. 
දු.අ. 0779519755
2014.01.16 දිනදීය.

මාගේ අසල්වැසි රසික ප‍්‍රසාද් කැප්පෙට්ටිපොල යන අය මාගේ සහායක ලෙස කටයුතු කරනු ලබන අතර, සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට, මතුගම පොලිසිය ඔහුව සොයනු ලබයි. නමුත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබේ.
එසේ තිබියදී, 2014.01.08 දින, උදේ 10.00 – 10.30 පමණ, මතුගම පොලිසියේ අපරාධ අංශයේ උ.පො.ප.උපේන්ද්‍ර හා රවීන්ද්‍ර නැමැති නිලධාරියකු මාගේ නිවසට පැමිණ. මා සොයා තිබේ.
එ් වන විට මා නිවසේ නොසිටි අතර, ඔවුන් මාගේ නිවසේ දාරේ ඉබ්බා කඩා (එක් කාමරයක් හා කුස්සියක් පමණි* )ගෙට ඇතු`ඵ වී තිබෙනවා.
එසේ ඇතු`ඵ වූ ඔවුන්, බඩු බාහිරාදිය අවුස්සා දමා තිබේ.
එ් අවස්ථාවේ නිවසේ සිටි, මාගේ නිවසේ නැවතී සිටින මාගේ ඥතිවරයෙකු වන නුවන් යන අයගෙන් මා පිළිබඳව විමසා, ඔහුටද බැණ වැදී ”මෙහෙ ඉන්න එපා, උඹටත් මොනවා හරි දානවා” කියා තර්ජණය කර, මා රසික ප‍්‍රසාද් යන අය සමග හොරකමේ ගොස් ඇති බවත්, මාගේ ලොරි ගිණි තබනා බවටත්, මට ද මොනවා හෝ දමන බවටත් තර්ජණය කර තිබේ.
මා ප‍්‍රකාශ කර සිටින්නේ, රසික ප‍්‍රසාද් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට මෙම පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇති බැවින්, මේ වන විට මාවද මෙම සොරකමට සම්බන්ධ කර, මා අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා නගා, මා හිරිහැරයට පත් කිරීමට සූදානම් වන බවයි.
මට එරෙහිව මා දන්නා තරමින් කිසිඳු පැමිණිල්ලක් නොමැති බව ද ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ,
1. නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වලක්වාලන ලෙසත්,
2. නීති විරෝධී ලෙස කටයුතු කරනු ලබන මතුගම පොලිසියේ අපරාධ අංශයේ – උ.පො.ප.උපේන්ද්‍ර හා රවීන්ද්‍ර යන නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායනුකූල පියවර ගන්නා ලෙසටත්,
3. මට ආරක්ෂාව සලසන ලෙසටත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කර සිටිමි.
ලක්ෂ්මන් ක`ඵආරච්චි