ආදාහනය, වල්ඩ් කප් සින්දුව සහ රගපෑම


පාර්වතී අම්මාල්ගේ සිරුර බුමදානය කල තැන මරා දැමු බල්ලන් තිදෙනකු දැමීම බලු වැඩකි. මේ පළමු අවස්ථාවත් අවසාන අවස්ථාවත් නොවනු ඇත. 2009 මැයි යුද්දය අවසානයේ කැරලිකරුවන්ගේ සිහිවටන සහ සොහොන් ගිනිබත් කිරීම දිගටම සිදු විය. මේවාට ආණ්ඩුවේ හුමදාවන්ට බරපතල චෝදනා එල්ල විය. නමුත් ඒගැන කිසුදු තැකීමක් හෝ හැගීමක් ඇති වුයේ නැත.

නමුත් ලෝක කුසලාන සින්දුව තහනම් කෙරිණි. ඒ එමගින් සෙසු රටවල් වලට අපහාසයක් වන බැවිනි. එයට මුලිකව් ක්‍රියා කලේ රටේ ජනදිපතිවරයාය.

මේ සිදුවීම් දෙක පෙන්නුම් කරන්නේ රාජපක්ස ආණ්ඩුවේ රගපැම්ය.

ප්‍රේමදාස මියගිය විට රතින්නා පත්තු කරන ලදී. 2009 අහවලා මරුන විට කිරිබත් උයා රතින්නා පත්තු කරන ලදී. මේ දේවල් හෙට අනිද්දා අපේ ගම් වලද තරහකාරයෙක් මරුන විට සිදුවිය හැක.

එබැවින් අපේකම නමැති වෙස්මුහුණ දමා ගෙන සිදු කරන මේදේවල් අප වහා නතර කල යුතුය.

හර්ෂි සි. පෙරේරා