ගුණරත්නම් සහ දිමුතු පැහැරගත්තේ ආණ්ඩුවෙන්


ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශපාලන පක්ෂ හා සංවිධානවල නායකයින් විසින් අද :08- රාජගිරිය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය. එහිදී පක්ෂ හා සංවිධානවල නායකයෝ මෙසේ අදහස් දැක්වූහ.


පුබුදු ජයගොඩ මහතා - ජන අරගල ව්‍යාපාරය

පසුගිය මාස කිහිපය තුළ අපට විවිධාකාර තර්ජන එල්ල වුණා. පසුගිය දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයාත්, කුගන් මුරුගානන්දන් සහෝදරයාත් යාපනයේදී පැහැර ගත්තා. ඒ ගැන ආරක්ෂක අංශ, පොලිසිය, ආණ්ඩුව කිව්වේ දන්නේ නැහැ කියලා, දැන් කුමාර් ගුණරත්නම් සහෝදරයාත් දිමුතු ආටිගල සහෝදරියත් පැහැර ගෙන ගොස් තිබෙනවා. කලින් වගේම ඔවුන් දෙදෙනා ගැනත් පොලිසිය කියන්නේ දන්නේ නැහැ කියලා.

අද ආණ්ඩුව නව ලිබරල් ධනවාදය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එය ක්‍රියාත්මක කරමින් ඉන්නේ රජු වැනි සංකල්ප සමග ආසියාතික පසුගාමීත්වයේත් ඒ වගේම මිලිටරිකරණයේත් සංකලනයක් සමග. ඒ නිසා ආණ්ඩුව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියට අපි විරෝධය පළ කළ යුතුයි.

හෙට අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා අලුත් ගමනක් ආරම්භ කරන සූදානමින් හිටියේ. ඒ ඉදිරිපත් කරන්න යන වැඩපිළිවෙළටල දේශපාලන නායකත්වයට බය වුණු පිරිසක් තමයි මේ පැහැර ගැනීම සිදු කර තිබෙන්නේ. මේක සියලු දෙනාගේම දේශපාලන අයිතිවාසිකම් පිළිබඳවත් ප්‍රශ්නයක්ග ඒ නිසා කවර වෙනස්කම් තිබුණත් මීට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි කියා අපි විශ්වාස කරනවා. මෙවැනි සිදුවීම් හමුවේ තවදුරටත් නිහඬව ඉන්නවා නම්, එය මේ භූමිය මත ලේ ගංගා ගලා යන්න හේතු වේවි. ඒ නිසා නිහඬව නොසිට මේ තත්වය පරාජය කරන්න පෙළ ගැසෙමු කියා අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මහතා - මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය

ලලිත් කුගන් දෙන්නා සුදු වෑන් එකකින් පැහැර ගෙන ගිහින් නීති විරෝධීව රඳවාගෙන සිටින බව අපි දන්නවා. ඒ වගේම පසුගියදා වැල්ලම්පිටියේදී නගරාධිපතිවරයා පැහැර ගෙන යන්න ආ සුදු වෑන් එකක සිටි පිරිසක් ප්‍රදේශවාසීන් අල්ලා ගත්තා. ප්‍රෙමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මේ රාජපක්ෂ රෙජීමය වගකිව යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ එක්කෝ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න. නැත්නම් නිදහස් කරන්න.

සිරිතුංග ජයසූරිය මහතා - එක්සත් සමාජවාදී පක්ෂය

මේ ආණ්ඩුව බලයට පත් වුණු දවසේ ඉඳලා පැහැර ගැනීම් මරා දැමීම් සිදු කළා. නමුත් මෙතෙක් කාලයකට එක චූදිතයේවත් අධිකරණයට ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වුණා. ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕන. මේ මිලිටරි පාලනය පළමු වතාවකට කාන්තාවකට අත තියලා තිබෙනවා. කාන්තාවක් පැහැර ගෙන ගිහින් තිබෙනවා. මේ ගැන ඇහුවාම පොලිසියල හමුදාවල ආරක්ෂක අමාත්‍යාංශයල ආණ්ඩුවේ නිල ප්‍රකාශකයා කියනවා අපි දන්නේ නැහැ කියලා එහෙම නම් අපි අහනවා, .තමුසෙලාට පිටින් වෙන ආණ්ඩුවක් මේ රටේ තිබෙනවාද කියලා.

වික්‍රමබාහු කරුණාරත්න මහතා - නව සම සමාජ පක්ෂය

මෙම පැහැර ගැනීම කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙට පවත්වන්න නියමිත ඔවුන්ගේ සමුළුව කඩාකප්පල් කර බියවැද්දීමකින් අවුල් කරන්න කියා පේනවා. නමුත් එම පක්ෂය වටා ඉන්න වාමාංශික ජනතාව බය වෙලා නිහඬව හිඳියි කියා මම විශ්වාස කරන්නේ නැහැ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වටා එකතු වෙලා ඉන්න තරුණයින්ට ආණ්ඩුව බයයි. පසුගිය මාස දෙකක කාලය තුළ 29 දෙනෙක් අතුරුදහන් වෙලා. මේ අතුරුදහන් වීම් පැහැර ගැනීම් සිදු වෙන්නේ සටන් තිබුණු ප්‍රදේශවල. කම්කරුවන්, ධීවරයින්ල ශිෂ්‍යයින්, උතුරේ තරුණයින් සටන් කළ ප්‍රදේශවල. ඒ නිසා මේ මර්දනය කිසියම් සැලසුමකට අනුව සිදු වන බව පැහැදිලියි. මේ මර්දනය කියන්නේ ආණ්ඩුවේ අන්තිම මර ලතෝනියයි.

මහින්ද දේවගේ මහතා - සමාජවාදී පක්ෂය

බියකරු සමාජ පරිසරයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මෙම පැහැර ගැනීම අපට වූ දෙයක් ලෙසයි අප සැලකිය යුත්තේ. කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැර ගැනීම පිටුපස විශාල අනතුරු ඇඟවීමක් තිබෙනවා. නව ලිබරල් ධනවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂවලටල ව්‍යාපාරවලට මේ තර්ජනය නැහැ. නව ලිබරල්වාදය පෙරලා දැමිය යුතුයි කියා විශ්වාස කරන, ඒ වෙනුවෙන් වැඩ කරන ව්‍යාපාර පසුපසයි මේ මර්දනය හඹා එන්නේ.

සුමිත් චාමින්ද මහතා - ප්‍රැක්සිස් සාමූහිකය

මේ දෙදෙනා පැහැර ගැනීමට පෙර ඒ සඳහා ආණ්ඩුව මතවාදය හැදුවා. ඉතාම සැලසුම් සහගතව ඔවුන් කැරලිකාර කණ්ඩායම ලෙස හැඳින්වූවා. කැරලිකාර. යෙදුමට අමතරව ආයුධ ගන්න හදනවා, විප්ලව කරන්න හදනවා වැනි ප්‍රචාර සැලසුම් සහගතව ගෙන ගියා. ඒ එක පැත්තක් ඒ වගේම අනෙක් පැත්තෙන් මාධ්‍ය සිවිල් මත හදන්නන් සහ නිහඬ බහුතරය මීට කොතරම් වගකිව යුතුද? අපි ඒ ගැනත් කල්පනා කළ යුතුයි. විකල්ප මත දරන්නන් කැරලිකරුවන් ලෙස හඳුන්වන මානසිකත්වයක නම් සමාජය ඉන්නේ මෙවැනි පැහැර ගැනීම් තවදුරටත් සිදු වේවි.