| සන්ධ්‍යා කරුණාරත්න
රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් හා පරිණතභාවය මඟින් ජිනීවා ගැටලුවට විසඳුමක් ලබාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රටක් ජාතියක් වශයෙන් දුරදක්නා නුවණ භාවිත කිරීමෙන් සහ ඉවසීමෙන් යුතුව ජිනීවා ගැටලුවට විසඳුමක් සොයාගත හැකි බවත් විශේෂයෙන් සතුරු රාජ්‍යයන් මිතුරු රාජ්‍යයන් බවට පත්කර ගැනීමෙන් මේ අභියෝගය ජයගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
සක්යා සරසවි අභිෂේක මංගල්‍ය අමතමින් කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඇමැතිවරයා ඊයේ (25) මේ බව කීවේය.
ජිනීවා ගැටලුවේදී ශ්‍රී ලංකාවට පක්ෂපාතීව මිතුරු රාජ්‍යයන් ලෙස කටයුතු කළ රාජ්‍යයන් ඉදිරියේ දී කළ්‍යාණ මිතුරන් බවට පත්කර ගත යුතු බවද හෙතෙම අවධාරණය කෙළේය.මීට අමතරව මෙවැනි ගැටලු මතුවී ඇති රාජ්‍යයන් පිළිබඳව සොයා බලා ඔවුන් එම ගැටලුවට විසඳුම් ලබා ගත්තේ කෙසේද යන්න අධ්‍යනය කිරීමෙන් මේ ගැටලුවට විසඳුම් ලබා ගත හැකි බව ඇමැතිවරයා සඳහන් කෙළේය.
Post a Comment