කතුවැකිය : ජීනිවා නාඩකම

එය නාඩකමකි. වැඩි දුර කිව යුත්තේ නැත. ලංකාවේ විදේශ අමාත්‍යංශය සහ පොදුවේ දේශපාලනය තුළ පවතින විලිලැජ්ජා සහගත පිළිකුල් මහජනතාව රැවටීමේ උපාය මෙවරද රාජපක්ෂ ආණ්ඩුව විසින් භාවිතා කරනු ලැබීය.

ඇමෙරිකාව විසින් එක්සත් ජාතින් වෙත ශ්‍රී ලංකවේ රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව ගෙන ආ යෝජනාව ඉතා පැහැදිලි වැඩි චන්දයෙන් සම්මත විය. නමුත් එය සම්මත වීමෙන් මොහොතකට පසු විදේශ ඇමති ගාමිණී ලක්ෂ්මන් පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින්, ලංකාව පරාජය වී ඇත්තේ ඉතා සුළු චන්ද සංඛ්‍යාවකින් බව "ඔහුගේ න්‍යායක්" ගෙන ආවේය. කොළඹ සිටි අයද ඔහු අනුව යමින් ලංකාව පැරදී ඇත්තේ ඇත්තේ එක චන්දයකින් පමණක් බවත් කිව්වේය. ඒ පීරිස් විසින් ගෙන ආ නිතීයට දැමූ ගණිත ක්‍රමය අනුවය. ඔහු කිව්වේ 15 දෙනෙකු පක්ෂව සිටි බැවින් සහ 08 දෙනෙකු චන්දය නොදී ඇති බැවින් එය එකතු කළ විට 23 වන බැවින්, අදාළ යෝජනාවට පක්ෂව ලැබුණ 24 සලකන කල්හී අදාළ යෝජනාව 01 කින් පැරදී ඇති බව කිව්වා පමණක් නොව ඉන්දියාව බැරි වෙලාවත් පක්ෂව දුන්නේ නම් එය සම්මත නොවන බවද කිව්වේය. නමුත් පීරිස් පක්ෂව ලැබුණු 24 සහ වැළකී සිටි 08 දෙන එකතු කළ විට චන්ද 32 ක් වන බව කිව්වේ නැත්තේ මහජන මුදල් නාස්ති කොට අප්‍රිකාවේ සවාරී ගසා රෙදි ඇඳගෙන කටුනායක ගුවන් තොටුපලේ ගොඩ බැසීමට නොහැකි නිසාය. මෙවැනි මට්ටමේ කතා කීමට තරම් ලංකාවේ මිනිසුන් ගොන් යැයි මෙකි පිළිකුල් සහගත දේශපාලනඥයින් සිතන බව විවාදයක් නැත.

අදාළ යෝජනාවේ කිසිවක් ලංකාවේ ස්වෛරී බාවයට කිසිඳු මට්ටමේ හානියක් නැත. හානිය ඇත්තේ ජනතාවට බොරුව පෙන්න මහජන මුදල් මංකොල්ල කමින් මහජන දේපල තමන්ගේ බූදල් ලෙස සිතා බටහිර රටවල බැංකු පොහොසත් කරන මෙකි දුර්දාන්ත රාජපක්ෂ පරිපාලනයටය. එසේම ඉන්දියාව අදාළ යෝජනාව සම්බනධයෙන් බුද්ධිමත්ව කටයුතු නොකලේනම් රාජපක්ෂට ඉතා කෙතුඉ කලකින්ම යන්නට වෙන්නේ හොම්බෙන්ය. මොවුන් මේ මවාගෙන ඇති ඇමෙරිකානු විරෝධය ජනතාව රැවටීමට මිස ඔවුන් එය තම නිවසේ ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නැත. අපි මීහරක් යැයි සිතා එකිනෙක අතර වෛරය වපුරා එකී වෛරයෙන් තම බද කදොත්තුව පුරවා ගැනීම පමණක් දුෂිත බලයේ සපත්තු ලෙවකන රොත්තම සිදු කරන කටයුත්ත වේ.

කඩු හොරකම් කරමින් අහිංසක මිනිසුන් බිල්ලට දීමට උත්සහ කරන රටේ නිදහස තමන්ගේ බූදලයක් ලෙස විකුණගෙන කන මෙකි දුෂිත බලය විසින් රට තුළ විනාශ කරනු ලැබූ විපක්ෂය යළි ඉස්මතු වීමට තවත් කාලයක් අවශ්‍ය වනු ඇත. ඒ වෙනුවෙන් මහජනතාවගේ අවබෝධය සහ සිංහයෙකු ලෙස වෙස් වලාගෙන සිටින අශුචි තවරාගත් ඌරන්ගේ උපායන් වල නිශිචිත කාලයේදී පිළිතුරු නිවැරදිව ලබාදීමයි.