ජිනීවාහිදී සම්මතවූ යෝජනා කෙටුම්පත


රාජපක්ෂගේ නොසන්ඩාල පාලනයේ අකටයුතු වසා ගැනීම සඳහා යොදා ගත් සළුව වූයේ ජිනීවා හීදී සම්මත වූ යෝජනා වේ. එය සිංහල ජනතාව උසී ගැන්වීම සඳහා සහ පරණ මෝඩකම් සිංහලයින් ලවා සිදුකරගැනීමට රාජපක්ෂ සිදු කරමින් සිටින්නේය. කොන්ඩම්වංශ මෙන්ම අනෙකුත් ජාතිය විකුණගෙන කන සැබෑ ජාති ද්‍රෝහීන් විසින්ද මෙය උඩදාගෙන නටමින් සිටිති. අදාළ යෝජනා වල සිංහල පරිවර්තය පහත දැක්වේ. එය ඉතා සිහිකල්පනාවෙන් කියවීමෙන් රාජපක්ෂ විසින් ජාතිය හමුවේ තබා ඇති දේශප්‍රේමී කේක් ගෙඩිය ගඳ ගහන අසුචි ගොඩක් බව වැටහෙනු ඇත. අපි තවදුරටත් අසූචි කන්නේද, නැත්තම් ඒවා ඉවත් කොට රට අපවිත්‍ර කළ වුන්ට දෙවියන් ඉදිරියේ පොල් ගසා අතපය කැඩෙන තුරු ශාප කරන්නේද යන්න තීරණය කළ යුතුව ඇත. ශාප කිරීම පමණක් ඉතුරු වී ඇත්තේ නීතියද, බලයද, සියල්ලද ඔවුන් විසින් ග්‍රහණයට ගෙන ඇති බැවිනි. 


ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම ප‍්‍රවර්ධනය කිරීමට (3/6/12) අදාලව ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබ,  22 සම්මතවූ යෝජනා මෙහි සදහන් වේ.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් හා අනකුත් අදාළ ලේඛනවල මඟ පෙන්වීම අනුව යමින්ද,

මානව හිමිකම් කවුන්සිලයේ ආයතනික ශක්තිමත් කිරීම පිළිබඳ 5/1 හා 5/2 යන නිර්දේශයන් සටහන් කරමින්ද,

රටක් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරිමේදී ගන්නා ඕනෑම පියවරකදී ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම් හා විශ්ෂයෙන්ම ජාත්‍යන්තර මානව හිම්කම්, සරණාගතයන් හා මානුෂවාදී නීති ආදිය උචිත ලෙස අනුගමනය කිරීමට සහතික විය යුතු බව යළි තහවුරු කරමින්ද,

ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය සඳහා ශී‍්‍ර ලංකා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු හා නිර්දේශ දායක කරගත හැකි බව සටහන් කරමින්ද,

නීති විරෝධී ඝාතන හා බලාත්මකකාරී අතුරුදන් කිරීම පිළිබඳ පැතිරී ගිය චෝදනා ගැන විශ්වාසනීය විමර්ශනයකදී අවශ්‍යතාව, ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශ හමුදා පාලනයෙන් නිදහස් කිරීම, ඉඩම් ආරවුල් විසඳීම සඳහා අපක්ෂපාතී යාන්ත‍්‍රණයක් පිහිටුවීම, රැඳවුම් ප‍්‍රතිප්ති නැවත ඇගයීමට ලක් කිරීම, කලින් ස්වාධීනව පැවති සිවිල් ආයතන ශක්තිමත් කිරීම, පළාත්වලට බලය විමධ්‍යගත කිරීම පිළිබඳව දේශපාලන විසඳුමකට එළඹීම, සියලූ දෙනාගේම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිව ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය, සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප‍්‍රතිසංස්කරණ පැනවීම ඇතුළු උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු සුබවාදී නිර්දේශයන් උණුසුම් ලෙස පිළිගනිමින්ද,

අන්තර්ජාතික නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම පිළිබඳව උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම ගැන කනස්සල්ල සටහන් කරමින්ද,

01. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු සුබවාදී නිර්දේශයන් කි‍්‍රයාත්මක කරන ලෙස හා සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට යුක්තිය, සාධාරණත්වය, වගවීම හා ප‍්‍රතිසන්ධානය සහතික කෙරෙන විශ්වාසනීය හා ස්වාධීන කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීම තුළින් අදාළ නෛතික බැඳීම හා කැපවීම ඉෂ්ට කිරීමට අවශ්‍ය සියලූ අවශ්‍ය අතිරේක පියවර ගන්නා ලෙස ශි‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.

02. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ අඩංගු නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා ගැන කටයුතු කිරීමට රජය ගෙන ඇති හා ගන්නා පියවර විස්තරාත්මකව දක්වන පරිපූර්ණ කි‍්‍රයාකාරී සැලැස්මක් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.

03. ඉහත සඳහන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහය ලබාදීමට ශි‍්‍ර ලංකා රජය සමග කතිකා කරමින් හා සමගාමීව. මානව හිමිකම් කවුන්සිලය හා අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග සැපයීමත්, ඉහත සඳහන් සහාය ලබාදීම පිළිබඳ වාර්තාවක් කවුන්සිලයේ 22 වැනි සැසිවාරට ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.