නිදහස;- "මගේ පුතාට මේ මොහොතේත් බුස්ස හමුදා කදවුරේදී වද දෙනවා."



හර්ෂි සි. පෙරේරා

විජිතා විරොක්කොඩි වයස අවුරුදු 47 ක් වන ගොඩගම, කොස්ගොඩ පදිංචි විවාහක 05 දරු මවකි. ඇය මෙම ලිකිත පැමිණිල්ල යුද හමුදාපති සහ නීතිපති වෙත කරන්නේ 2012.02.02 දින එනම් 64 වැනි නිදහස් දින සැමරුමට දින දෙකකට පෙරය.

කලුදේව පත්ම කුමාරද සොයිසා වයස අවුරුදු 22 ක් වන ඇගේ පුතාය. ඔහු සිංහ රෙජිමේන්තුවේ වැඩ කර 2010 වසරේ ගෙදර පැමිණීමෙන් පසුව නැවත සේවයට වාර්තා කර නැත. ඉන්පසුව ඔහු පින්තාරු වැඩ වල නිරතව සිට ඇත.

2012.01.28 දින ඔහුව බුස්ස හමුදා කදවුරෙන් අත්අඩංගුවට ගත් බව දැන ගන්නට ලැබී තිබේ.

2012.01.30 දින ජීප් රථයකින් ඔහුගේ නිවසට පැමිණි හමුදා නිලදාරීන් ගෙයි වත්තේ තිබී ගල්කටස් එකක් සොයා ගෙන ඇත. ඔවුන් සමග පත්ම කුමාර පැමිණියද ඥාතීන්ට ඔහු සමග කතා කිරීමට ඉඩ දී නැත. හමුදා නිලදාරීන් කියා ඇත්තේ තම පැමිණීම ගැන පොලිසියට හෝ වෙන කිසිම තැනකට නොදන්වන ලෙසයි.

පසුව ඔහුව බුස්සෙන් පොල්හේන්ගොඩ යුද හමුදා කදවුරට ගෙන ගොස් තිබේ. ඥාතීන් ඔහු බැලීමට ගිය විට ඔහුගේ මුහුණ ඉදිමි අත් වල නියපොතු නිල්වී තිබුන බවත් එක ඇසක් රතුවී තිබුන බවත් ඔහු හඩමින් කියා ඇත්තේ තමන් ලග තිබුනේ ගල්කටස් එකක් පමණක් බවත් තව ආයුද ඉල්ලමින් තමනට කදවුරේදී වදහිංසා පමුණුවන බවයි. හමුදා නිලදාරීන් නැවත ඔහුව බැලීමට නොපැමිණෙන ලෙස ඥාතීන්ට දන්වා ඇත.