ආයාචනයයි! ( Poem )

වදන් සහ අරුත් එකිනෙක
ගෙතී වියෙන විට
පාර්වතිය, දේවාති දේවය
සකල ධරණි තලේ වසනා;
දෙමාපිය සහ ඇදුරු වරුණි
අරුත් ලබා දෙනු මැන
මා බණන මෙ වදන්වලට!

කවියෙකුගෙ සීමිත හැකියාව
එ පමණ පළල් වන තේමාවන්
කෙලෙස නම් වැලඳ ගන්න ද?
පරඬලා පතින් තැනූ ඔරුවෙකින්
තරන්නට මහ සයුර
මා සිතන්නේ මන් ද?

තමා කවියෙකැයි සිතන අවියතෙක්
සොයා යයි කිත්ගොස කවියකුගෙ
සමච්චලය පමණක් ම මට ලැබේවිද?
තුඟු මිනිසුනුත් පලතුර නෙලත ආයාසයෙන
අඟුටුමිටි වන මම ඔහේ දිගු කරමි මගෙ දෑත.

එය එසේ නමුත්
ඇතුළු වෙමි මම
තැනුනු දොරටුවෙන
පැරණි කිවියන අතින;
විදුරක් ගමන්කළ මගින
සියුම් වන හුයකින
මුතු ඇට අමුණනා වැන්න
මා යන එම ගමන!

මහාකවි කාලිදාසයෝ

(පරිවර්තනය: මණ්ඩාවල පඤ්ඤාවංස හිමි)