ෆෙඩ්රිකාගේ පැමිණිල්ලෙන් නාවික සෙබළා අමාරුවේ

පෙම්වතිය බලන්න ගිය ගමන නැවතුණේ රිමාන්ඩ් භාරයෙන්

යතුරු පැදියකින් පෙම්වතිය බලන්නට ගිය නාවික සෙබළකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියක් මිරිහාන පොලිසියෙන් වාර්තා වෙයි.

දිනමිණ වාර්තාව මෙසේය.

ද සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. තමා පසුපස යතුරු පැදියකින් පුද්ගලයකු එන බව පැමිණිල්ලෙන් කියැවිණි. ඒ අනුව ක්‍රියාකළ පොලිසිය යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට අධිකරණයට ඉදිරිපත් කොට ජනවාරි 17 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

යතුරු පැදියෙන් ගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ සේවය කරන නාවිකයකු බවත් ඔහු නිවාඩුවකට කොළඹ පැමිණ සිය පෙම්වතිය බලන්නට ගිය අයකු බවත් පසුව අනාවරණය වී තිබේ.

දැන් ඔහු සිටින්නේ රිමාන්ඩ් භාරයේ ය. ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පිළිගනී.