ඊශ්‍රායලයේ අගමැති බොරු කාරයෙක් - ප්‍රංශ ජනාධිපති කියයි

පසුගියදා පැවති G20 කණඩායමේ රටවල නායකයින් හමුවේදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හමු වූ ප්‍රංශ ජනාධිපති නිකොලොස් සර්කෝසි ඊශ්‍රායලයේ අගමැති වරයා බොරුකාරයෙක් බව සඳහන් කොට ඇත.

අදාළ නායකයින් දෙදෙනාගේ හමුව පැවැත් වූ කාමරයේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක වී ඇති බව නොදැන ප්‍රංශ ජනාධිපතිවරයා ඔබාමාට කියා ඇත්තේ, " මටනම් මිනිහා ගැන ඉවසන්න බෑ. ඌ මහා බොරු කාරයෙක් " යයි සඳහන් කොට තිබේ . අදාළ හඬ පටය පසුව මාධ්‍ය මඟින් ප්‍රචාරණය කෙරුණි.

එවිට ජනාධිපති ඔබාමා, " ඔබට මිනිහ අරහන් වෙලා එත් මට ඔබටත් වඩා වැඩි වාර ගානකින් මිනිහා එක්ක ගනු දෙනු කරන්න වෙලා, " යයි සඳහන් කොට ඇත.