රටේ ඉහලම අදිකරණය ජනසතුවකට අර අදින පනත් කෙටුම්පත විවස්ථානුකුල බව කිවේ නොබෝදාය.
මේවන විට යෝජිත පනත හරා විරුද්ද දේශපාලන කටයුතු මර්දනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සැරසෙන බවට විරුද්ද පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පොදු රාජ්ජය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් කර ඇත. මේ පැමිණිල්ල සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේය.
සියල්ල සිදුවන්නේ ආණ්ඩුව විවේචනය කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමේ උණුසුම මැකියන්නටත් පෙරය.
එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි කමිටුව ශ්‍රී ලංකාවේ රහසිගත ලෙස ක්‍රියාත්මක වන රැදවුම් මද්‍යස්ථාන පවතින බව කියා සිටි. ඔවුන් මුලාශ්‍ර කර ගන්නේ මානව හිමිකම් සංවිදාන වල වාර්තාවන්ය.
ඉදිරියට රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සමච්චලයට ලක් වන බවට මේ දේවල් පැහැදිලි සාක්ෂි වේ.
හර්ෂි සි. පෙරේරා
Post a Comment