ඉරානය න්‍යෂ්ඨික අවි තනයි - IAEA

ඉරානය විසින් නයෂ්ඨික ශක්තිය ඇත හදහ බලන මුවාවෙන් නයෂ්ඨික අවි නිර්මාණය කරන බව එක්සත් ජාතීන්ට අනුබද්ධ ජාත්‍යන්තර පරමාණු ශක්ති අධිකාරිය අද ( නොවැම්බර් 09 ) නිකුත් කර ඇති නවතම වාර්තාවෙන් සඳහන් කරයි. ඉආරන විසින් 2003 සිට මේ දකවා සිදු කරනු ලැබූ නයෂ්ඨික පර්යේෂණ වලදී අදාළ අවි යුධ පිළිබඳවද අත්හදා බැලූ බවට පිළිගත හැකි මට්ටමේ සාක්ෂි ලැබී ඇති බව අදාළ වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙනු ලබයි.

මෙම තත්වය යටතේ තම නියෂ්ඨික ව්‍යාපෘතීන් සාමකාමී ඒවා බව ඉරානය විසින් පිළිතුරු ලබා දිය යුතු වේ.

මේ අතර මේ වන විට ඊශ්‍රායලය ඉරානය සමඟ යුධ වැදීම සඳහා සන්නද්ධ වෙමින් පවතින බව තවත් වාර්තා පේනවා දෙනු ලබයි. එසේම පසුගිය කාලය පුරා ඉරානයේ න්‍යෂ්ඨික පර්යේෂණ සිදු කරන විද්‍යාඥවරුන් රැසක් ඊශ්‍රායලයේ මොසාඩ ඔත්තු සේවය විසින් ඝාතනය කරනු ලැබීය.