හදයා සහ දොස්තර හොද හිත සහ ළමා කාලය.

හර්ෂි සි. පෙරේරා
තවත් සුන්දර ශ්‍රී ලාංකිකයකු අපෙන් සමු ගෙන ඇත. ඔහු ප්‍රවීන කලාකරු ටයිටස් තොටවත්තයන්ය. අපි ළමුන් ව සිටි අවදියේ දෙමාපියන් අපව කර ගහගෙන හදයා බැලීමට සිනමා ශාලා වෙත ගෙනගිය හැටි අදටත් මතකය. එදා හදයා මුදලාලිට විකිනේදෝ දුකින් අපි පෙලුනෙමු.
 අද දරුවෝ සැබෑවට දකින්නේ මොනවාද? හරක් මරන්න එපා යනුවෙන් චන්ඩි දේශපාලන මාමලාගේ තවත් ප්‍රෝඩාවන්ය. අද ළමෝ හරක් හා සමානව මිනිසුන්ට සලකන ආකාරය හොදාකාරව දනී. එහෙත් ඒ ගැන එය නැවැත්වීමට සබැ වෙනසක් කිරීමට හදයෙකු තනන්නට තවත් ටයි මාමා කෙනෙකු අප සතුව නැත. පවත්නා දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වටපිටාව තුල නුදුරු අනාගතයේදී නම් එවැන්නකු බිහි වීමේ ඉඩක් ද පෙනෙන්නට නැත.

 දොස්තර හොද හිත මමයි. අපි කට අරගෙන ඉස්කෝලේ යන කලේ එහි අව්‍යාජ අවංක රසය වින්දෙමු. හැදින්නෙමු. තණකොළ පෙත්තාස් වාදක මඩුල්ල අපට කිසිදා අමතක නොවේ. අද රෝහල් වල සිටින ඇතැම් නරක දොස්තරවරු වම් කකුලට දකුණ කකුල කපති.
 
 
අපේ ළමා පරපුරට මෙවන් අව්‍යාජ කාටුන් දැක ගන්නට අවංක විද ගන්නට තවත් තොටවත්ත කෙනෙකු බිහිවෙන තුරු කොපමණ කාලයක් බලා සිටීමට සිදුවේද?

Tell a Friend