එදා මහින්දට චන්ද්‍රිකා කපන විට සහයට සිටියේ භාරත ලක්ෂ්මන් පමණයි

| අමිල ගුණරත්න

මහින්ද රාජපක්ෂට කම්කරු අමාත්යාංශය වැනි නොවටිනා කිසිම බලයක් රහිත අමාත්‍යංශයක් දී තටු කපා තිබුණු යුගයක මහින්ද රාජපක්ෂගේ සහායට සිටියේ භාරත ලක්ෂ්මන් පමණක් බව අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ කිට්ටු ඥාතියෙක් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත ප්‍රකාශ කළේය. චන්ද්‍රිකා මහින්දට "රිපෝටර් "යන නම පටබැඳ අපහස කරන විට වර්තමානයේ ඔහු වටා සිටින ඇමතිවරුන් මහින්දගේ පිටුපස සිට සිනහසෙන විට ඔහුව තනි නොකොට ලගින්ම සිටි පුද්ගලයා වුයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ය. එම නිසා භාරත ලක්ෂ්මන් මහතා චන්ද්‍රිකා මැතිනියගේ උදහසටද පත්‍ර වුවාය. මෙවැනි කැපකිරීම් කල භාරතට අවසානයේදී ජිවිත තර්ජන ගැන පුන පුනා කියත්දීත් ආරක්ෂාව නොදී කිසිම ගරු කටයුතු දේශපාලන ඉතිහාසයක් නොතිබූ එජාපයේ සිට පිල් මාරු කල ස්ත්‍රී දූෂක කුඩු හා මැර බලය තිබු අපකීර්තිමත් දේශපාලකයෙකු ගේ වෙඩි උණ්ඩයට බිලිදීමට සැලැස්වීම සහගහන අපරාධයක් බව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඥාතියා කණගාටුවෙන් ප්‍රකාශ කරයි.




Tell a Friend