ක්රිෂාන්ත ෆොන්සේකා වයස අවුරුදු 33 ක් වූ විවාහක කම්කරුවෙකි. ඔහු පානදුරේ පදිංචිව සිටි.
2011 මාර්තු මස ඔහු අසල්වැසි නුවන් යන අයත් අතර ආරවුලක් ඇතිවිණි. නුවන් කල වියාජ පැමිණිල්ලකට අනුව 2011.03.06 වැනි දින පින්වත්ත පොලිසිය විසින් ක්රිෂාන්තව අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුව පසුදින දෙක දක්වා පොලිසියේ තබා ගෙන බැණ තර්ජනය කිරීමෙන් පසු මුදා හැර ඇත.
2011.10.17 දින නැවතත් පොලිස්කාරයකු ඔහුගේ නිවසට පැමිණ තර්ජනය කර තුන්ඩුවක් දී පොලිසියට එන ලෙස දන්වා යන ලදී. නමුත් එම පොලිස්කාරයා කුමන පොලිසියෙන්ද යන්න ක්රිෂාන්ත දන්නේ නැත. ක්රිෂාන්ත පානදුර දකුණ පොලිසියට දුරකථන ඇමතුමක් ගෙන තමාට එන්න කීවද යන්න විමසු විට ලැබුන පිළිතුර නැත යන්නයි. පසුව ඔහු පින්වත්ත පොලිසියෙන් විමසු විට එවලේම පොලිසියට එන ලෙස දන්නා සිටින ලදී.
නමුත් ඔහු මිට පෙරද පින්වත්ත පොලිසියෙන් වූ හිරිහැර නිසා එහි නොගොස් 2011.10.18 දින උදේ 9 ට පානදුර දකුණ පොලිසියේ ස්ථානදිපතිවරයා හමුවී පින්වත්ත පොලිසියේ හිරිහැර ගැන කියා සිටින ලදී. එවිට පානදුර දකුණ පොලිසියේ ඔ අයි සි ගේ දුරකථන ඇමතුමකට අනුව පින්වත්ත ස්ථානදිපතිවරයා පැමිණෙන ලදී.
ඔහු ක්රිෂාන්තගේ අතින් ඇද කිවේ "මු හොද මිනිහෙක් නෙමෙයි මුට විරුද්දව පැමිණිලි තුන හතරක් තියෙනවා මුව උසාවි දන්නා ඕන" කියා සිටින ලදී. නමුත් ක්රිෂාන්ත ස්තනදිපතිවරයට දිගින් දිගටම කියා සිටියේ තමාව පින්වත්ත පොලිසියට ගෙනිච්චොත් හිරිහැර විය හැකි බවයි. එවිට ස්ථානදිපති පින්වත්ත ස්ථානදිපතිට කියාසිටියේ "සදාරනව විබාග කරලා දෙපැත්ත සමත කරන්න මේ කොල්ලට මුකුත් කරන්න එපා" යනුවෙනි.
පසුව ක්රිෂාන්ත සිය යතුරු පැදියෙන් පින්වත්ත පොලිසියට පැමිණ ඇත. ස්ථානදිපති රණවිර පැමිණ "උබ ඔය පානදුරට ගිහින් මට කරාද "කියා අසා ඇත. පසුව බලෙන් ප්රකාශයකට අත්සන් ගෙන 21 උබව උසාවි දමන බව කියා ඇත.
Post a Comment