යුක්තිය උදෙසා ආසියාතික කාන්තාවන්ගේ නොනිමි අරගලය........



තිළිණා විරසිංහ

යුක්තිය ස`දහා සටන්වදින ආසියාතික ස්තී‍්‍රන් තිදෙනෙකුගේ නොනවතින අරගලය කේන්ද්‍ර කරගනිමින් ජොසපිනා බර්ගස්ටන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද UNJUST: අධර්මිෂ්ඨ”, දේශපාලනික වාර්තා සිතුවම් පටය ආසියාතික මානව හිමිකම් කතිකාව නව ආස්ථානයක් කරා රැගෙන යයි. ජොසපිනා බර්ගස්ටන් හා ලින්ඞ්ස්ගේ රොබට්සන්ගේ තිර රචනය ඔස්සේ ආසියාතික කලාපයෙහි මානව හිමිකම් පිළිබ`ද තත්කාලීන අර්බුද රැසක් මෙමගින් සංවාදයට ලක් කරයි. ඉන්දුනීසියානු මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක් වන සුසිවට් මුනීර්,තායිලන්තයේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන අග්නකානා සෝමචායි සහ ශී‍්‍ර ලංකාවේ පද්මා පෙරේරා යන ස්තී‍්‍රන් රාජ්‍ය ආරක්‍ෂක අංශ වෙතින් සිය සැමියන් ඝාතනය කරනු ලැබීමේ බිහිසුණු අත්දැකීම් හමුවේ යුක්තිය ඉටු කර ගැනීමට ගන්නා අරගලය හා පොදු සමාජමය වශයෙන් සිදුවන දේශපාලන හිංසන හා ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ඔවුනගේ නැගී සිටීම ඹබවමිඑ තුළින් නිරූපණය කෙරේ.

මුනීර් සහීඞ් තලීබ් ඉන්දුනීසියාවේ මානව හිමිකම් ප‍්‍රවර්ධනය ස`දහා ජීවිතය කැප කළ තැනැත්තෙක්. ඔහු වෘත්තීය සමිති නායකයෙක් ලෙස වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හා ආරක්‍ෂා කිරීමට කි‍්‍රයා කළේය. එසේම 1998දී ඉන්දුනීසියාවේ ඒකාධිපති පාලක සුහර්තෝ බලයෙන් පහ කිරීමේ අරමුණින් ‘කොන්ස්ට‍්‍රාස්’ නම් සංවිධානය ගොඩනගමින් දේශපාලනික විරෝධතාවන්හි නිරත වෙමින් ජනතාවගේ පීඩනයට එරෙහිව අරගල කිරීමට ඔහු පුරෝගාමී විය. මේ නිසා මුනීර් බලධාරීන්ගේ උකුසු ඇසට ලක් විය. ජාවාහි නීති උපදෙස් නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටි මුනීර්ට ‘මානව දයාවාදී නීතිය’ හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබිණි. ඔහු ඒ ස`දහා 2004.09.07. දින විදේශ ගත වීමට ‘ගරූඩා’ ගුවන් යානයට ගොඩවිය. ඔහු ගුවන් යානයේදී හෘදයාබාධකින් මිය ගිය බව ඔහුගේ බිරි`ද සුසිවට්ට ගරුඩා ගුවන් සමාගම දැනුම් දෙනු ලබයි. මේ මරණය පැහැදිලිවම අභිරහසක් හා ඒ පිළිබ`ද අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත් වන ලෙස ඇය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද එයට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබේ.

මේ අතර ඉන්දුනීසියානු රාජ්‍ය බුද්ධි අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානියා හා ගරූඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය අතර සිදු වූ රහසිගත සැලැස්මක ප‍්‍රතිඵලයක් ලෙස ගුවන් යානයේදී මුනීර්ට වසදී ඝාතනය කරනු ලැබ ඇති බව 2004 නොවැම්බරයේ හෙළිවේ. මේ සම්බන්ධ විධිමත් පරීක්‍ෂණයක් තුළින් මුනීර්ගේ ඝාතනයට හා සිය පවුලට යුක්තිය ඉටු කරන මෙන් සුසිවට් කරන ඉල්ලීමට පාලකයන් ප‍්‍රතිචාර දක්වනුයේ ඇයව බිය වැද්දීමට ප‍්‍රයත්න දැරීම තුළින් ය. මුනීර්ගේ ඝාතනයෙන් දෙසතියකට පසු සුසිවට්ට ඝාතනය කළ කුකුළෙකුගේ හිසක් හා අණ්ඩක් පාර්සල් කර එවීමෙන් ඇයට නිහ`ඩ වන ලෙස ද නැතිනම් කුකුළාට මෙන්ම ඇයටද මරණය උරුම වන බවට අනතුරු ඇඟවීමට බලධාරීන් ක‍්‍රියා කරනු ලබයි. එහෙත් මේ කිසිදු තර්ජනයකින් බිය වැද්දීමකින් පසු නොබසින සුසිවට් සිය සැමියාගේඝාතනයට එරෙහිව හා සමස්ත ඉන්දුනීසියානුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදී සිටින්නීය.

මුනීර්ගේ ඝාතකයාට එරෙහි නඩු විභාගයේදී 14 වසරක් සඳහා ඔහුට හිමි වූ සිර ද`ඩුවමට එරෙහිව ඔහු කරන අභියාචනය විභාග කරමින් විනිසුරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ඔහු නිදොස් කොට නිදහස් කරන ලදි. මේ පිළිබඳ සුසිවට් පවසනුයේ තමාට නැති වුණේ මුනීර් පමණක් නොව යුක්තියද අහිමි වූ බවයි. එබැවින් ඇය යුක්තිය දිනා ගැනීම සඳහා වඩාත් පන්නරය ලැබ ගනිමින් අභීතව සටන් කරන්නීය. ඇගේ අරගලයට සහය දීමට ‘කොන්ස්ට‍්‍රාස්’ සංවිධානය, මානව හිමිකම් ක‍්‍රියාධරයන් හා වෘත්තීය සමිති එක්ව සිටී. ඔවුන් පවසනුයේ මුනීර් තමන් වෙනුවෙන් ක‍්‍රියා කළ නිසා මුනීර් ඔවුන්ට අයිති බවයි. ඔහුගේ ඝාතනයට එරෙහිව පෙනී සිටිය යුතු බවයි.

තායිලන්තයේ දකුණු ප‍්‍රදේශයේ ටක්ෂින් කැරලිකරුවන් දරුණු වධ හිංසනයන්ට ලක් කර ඝාතනය කරනු ලැබීමට එරෙහිව මානව හිමිකම් පිළිබඳ නීතිඥයෙකු වන සෝමඛායි නිලපායිපීට් ප‍්‍රසිද්ධියේ පෙනී සිටියි. ‘ජනතාවට’ සිය අයිතීන් උල්ලංඝනය වූ විට තමාට සිදුවූ අයුක්තිය ගැන කීමට සිටින්නේ කවුරුන්ද? ‘සෝමචායි’ මෙසේ ප‍්‍රසිද්ධියේ විමසූ අයෙකි. රජයේ බලධාරීන් සහ හමුදාව මගින් සිදුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා වලට ලක් කිරීමට එරෙහිව පෙනී සිටි සෝමචායි දකුණු තායිලන්තයේ මානව හිමිකම් නඩුවකට පෙනී සිටීමට යාමට පෙරදින බැංකොක් නගරයේදී පැහැරගෙන යනු ලබයි. ඔහුව මෙසේ බැංකොක් නගරය මධ්‍යයේ පැහැරගෙන බලහත්කාරී ලෙස මෝටර් රථයකින් රැගෙන යන බවට පසුව සාක්‍ෂි හෙළිදරව් වේ. එහෙත් අගමැති තක්ෂින් සෝමචායි පැහැර ගැනීමේ සිද්ධිය යටපත් කිරීමට, පුද්ගලික ප‍්‍රශ්නයක් මත සෝමචායි පවුලෙන් දුරස්ව සිටින බව පවසයි. රජයේ පාර්ශ්වයෙන් ආරම්භයේ සිට සෝමචායිගේ පැහැර ගැනීම හා ඝාතනය සම්බන්ධ විධිමත් හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු නොකරන අතර මෝටර් රථයේ තිබී හමුවූ කෙස් ගස් හා වෙනත් සලකුණු පිළිබඳ ඞී.එන්.ඒ පරීක්‍ෂණ සිදු කළද මේ සම්බන්ධ පරීක්‍ෂණ බිඳ වැටෙයි.

සෝමචායි වෙනුවෙන් අග්නකානා දිගින් දිගටම කරනු ලබන ඉල්ලීම්වලට කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණද ඇය මෙම සිද්ධිය ආසියානු මානව හිමිකම් කොමිසම හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දක්වා රැගෙන යාමට සමත් වන්නීය.

තායිලන්තයේ අගමැති තක්ෂින් ෂිනවාර්ත‍්‍රා හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහවීම සමග සෝමචායිගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශන කටයුතු වල එතෙක් නිරතව සිටි විශේෂ විමර්ශන කොමිසම ප‍්‍රතිව්‍යුහගත කෙරෙයි. මෙම කොමිසමෙහි නව අධ්‍යක්‍ෂවරයා ඒ විමර්ශන කටයුතු නිසි ලෙස සිදු නොවූ බවට ප‍්‍රකාශයක් කරයි. සෝමචායිගේ මළ සිරුර සොයා ගත නොහැකි වීම ඉදිරි පරීක්‍ෂණ කටයුතු වලට බාධාවකි. ඒ ඔහු ඝාතනය කරනු ලැබූ ඇති බව තහවුරු කිරීමට අපහසු බැවිණි. එහෙත් මානව හිමිකම් ක‍්‍රියාධරයන්ගේ අදහස වනුයේ බලධාරීන් මළ සිරුරක් රහසිගතව සඟවන අයුරු හොඳින්ම දන්නා නිසා විධිමත් විමර්ශනයකින් එය සොයා ගත හැකි බවයි.

අග්නකානා සෝමචායි පවසනුයේ මානව හිමිකම් කඩවීම සිදුවීමේදී එසේ කඩ කරන පුද්ගලයන්ට එරෙහිව ක‍්‍රියා නොකර ඔවුන් කිසිදු නෛතික දණ්ඩනයකට ලක් නොවී නිදැල්ලේ පසුවීම ආසියාතික කලාපයේ තවමත් සුලබ සිදුවීමක් වන බවයි. තක්ෂීන්ගෙන් පසුව බලයට ආ රජය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට ද අග්නකානා සෝමචායි තෝරා පත් කර ගනු ලබයි. ඇය දකුණු තායිලන්තයේ පවතින ප‍්‍රචණ්ඩත්වය, හදිසි නීතිය අහෝසි කිරීමට ක‍්‍රියා කරමින් සිටින්නීය.

ශ‍්‍රී ලාංකික සුපවේදියකු වූ ජෙරාඞ් පෙරේරා 2004දී මිනීමැරුමක් සම්බන්ධව වත්තල පොලීසිය මගින් මහමගදී බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගෙන බරපතල වධහිංසා පැමිණවීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස ගිලන්ව නවලෝක රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කරනු ලබයි. පහරකෑමට ලක්වීමෙන් ජෙරාඞ් ඉතා අවදානම් තත්ත්වයක සිට නිසා ඔහුගේ ලේ ඉවත් කිරීමේ ප‍්‍රතිකර්මය සිදුකරන අතර මාසයක පමණ කාලයක් එහි ප‍්‍රතිකාර ලබයි. ජෙරාඞ්ගේ බිරි`ද පද්මා පෙරේරා නීතිඥ සංජීව වීරවික‍්‍රමසූරිය හමුවී මේ වධහිංසනයට ලක්කිරීමට එරෙහිව මානව හිමිකම් නඩුවක් ගොනු කරනු ලබන්නීය. මේ නඩුව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම පිළිබඳ නව කතිකාවක් බවට පත්වෙමින් රැඳවියකු අත්අඩංගුවේ පසු වන විට වධහිංසනයට ලක්වන්නේ නම් ඒ වින්දිතයාට ඉහළම ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා වැයවන මුදල රජය විසින් දැරිය යුතු බවට ඓතිහාසික තීන්දුවක් දෙනු ලබයි. ජෙරාඞ්ගේ මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිපති විසින්, 1994 අංක 22 දරන වධ හිංසාවට එරෙහි සම්මුති පනත යටතේ අපරාධ නඩුවක් මීගමුව මහාධිකරණයෙන් නඩු පවරනු ලබයි.


එදින සවස ජෙරාඞ්ගේ නිවසට පැමිණෙන පොලිස් නිලධාරීන් නඩුව සමතයකට පත්කර ගැනීම සඳහා ලක්‍ෂ 3ක මුදලක් දීමට යෝජනා කළද ජෙරාඞ් එය ප‍්‍රතික්ෂේප කරයි. පසු දිනක බස් රියේ ගමන් කරමින් සිටි ජෙරාඞ් පෙරේරාව වත්තල මාබෝලේදී බස් රියක් තුළ වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු ඝාතනයට කරනු ලබයි. මෙය වධහිංසනයට ගොදුරු වූ වින්දිතයකුගේ සාක්‍ෂිය යටපත් කිරීමට ලංකාවේ ආරක්‍ෂක අංශ බලධාරීන් කළ සැලසුම් සහගත ඝාතනයකි. පොලිස් නිලධාරීන්ට එරෙහි අපරාධ නඩුව විභාග කළ මීගමුව මහාධිකරණය සියලූම පොලිස් නිලධාරීන් නිදොස් කොට නිදහස් කළේය. ජෙරාඞ්ගේ ඝාතන නඩුව සමග 2006 වසරේ සිට මේ දක්වා පද්මා පෙරේරා අධිකරණ ක‍්‍රියාවලිය තුළ නිහ`ඩ අරගලයක යෙදී සිටින්නීය. අධිකරණ යුක්ති ක‍්‍රියාදාමය මගින් නිසි ලෙස යුක්තිය ඉටු නොකළද එය කෙතරම් දුෂිත වුවද සමස්ත සමාජයේ මානව හිමිකම් ආරක්‍ෂණය උදෙසා නොනවතින අරගලයක යෙදී සිටින ආසියාතික ස්ත‍්‍රීන්ව ඇගයීමක් මෙන්ම මානව හිමිකම් පිළිබඳ සමස්ත සමාජයේ සුවිශේෂී අවධානය යොමු කරවීමටද UNJUST සමත්ව
ඇත.

මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව රාජ්‍ය අභ්‍යන්තරික දේශපාලනය අභිබවා ජාත්‍යන්තර වශයෙන් කි‍්‍රයාත්මක වන්නාවූ දේශපාලන බල ව්‍යාපෘතියක් තුළ මානව හිමිකම් පිළිබ`ද කතිකාව නව ආකාරයකින් සූත‍්‍රගත කිරීමට අපි ඔබට ආරාධනා කරමු.


Tell a Friend