EXCLUSIVE: මීගමුවේ ගණිකා මඩම් අයිතිකරුට රාජපක්ෂගෙන් හාද්දක්

ලන්සා පවුලෙන් රාජපක්ස්ථානයට කළු සල්ලි

ගිනි අවි, කුඩු සොයා 200 කට ආසන්න STF පිරිසක් පළාත් සභා ඇමති නිමල් ලාන්සාගේ නිවස වටලයි

මීගමුව පලාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා ඇතුළු තවත් පිරිසකගේ නිවෙස් වටලා 200 කට ආසන්න පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ පිරිසක් ඊයේ කුඩු, නීති විරෝධී ගිනි අවි සහ පැහැර ගන්නා ලද වාහන තොගයක් සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත විය. කාලාන්තරයක සිට ජනතාවගෙන් හා කතෝලික පියතුමන්ලාගෙන් ලද පැමිණිළි මත ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර මෙහිදී මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වෙළදාම හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධව සැක කරනු ලබන ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේද නිවාස, සමාජ ශාලා හා හෝටල් සොදිසි කිරීමට ලක් කෙරිණි. සෝදිසිකිරීමට ලක් වූ අය අතර මීගමුව FULL MOON සහ AVENDRA GARDEN හෝටල් හිමිකරු වන ධනේෂ් නමැත්තාද, "ගැලිසන් මොටර්" හිමිකරු ඩන්ස්ටන් ගොළුහේවා නමැත්තාද, තවත් එවැනිම රෙස්ටූරන්ට් හා සමාජශාලා හිමියෙකු වන වන මහේෂ් නමැත්තාද වෙයි. පළාත් සභා ඇමති නිමල් ලාන්සාගේ නිවාස හා වත්තද වාහනද බොහෝ වේලාවක් පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ සෙබලූන් සෝදිසි කළ බව වාර්තාවේ.

ජනපති හා මර්වින් ලාන්සා බැලීමට යයි.

මෙම සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව වහාම නිමල් ලාන්සා හමුවීමට ගිය ජනාධිපත්වරයා සිද්ඨිය ගැන කණගාටුව ප්‍රකාශ කර ඇති අතර වහාම මේ පිළිබඳව සොයා බලා නිමල් ලාන්සා හට සාධාරණයක් ඉටු කිරීමටද පොරොන්දු වී තිබේ. එසේම නිමල් ලාන්සා හමුවීමට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වාද සිද්ධිය ගැන තමා කණගාටු වන බවත් මෙම සිද්ධිය කළ අයට විරුද්ධව වහාම ක්‍රියා ළ යුතු බවත් පවසා ඇති බවද වාර්ථා වේ.

දයාන් ලාන්සා කාන්තාවකට ඇසිඩ් ගැසූ බව

පසුගියදා පැවති මීගමුව නගර සභා මැතිවරණයට තරඟ වදින ලද පලාත් සභා අමාත්‍ය නිමල් ලාන්සාගේ සොහොයුරා වන දයාන් ලාන්සාට එරෙහිව විවිධ සිවිල් සංවිධාන හා ලාන්සා පවුලේ දූෂිත වැඩවලින් අසරණ වූ පුද්ගලයින් විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය හා එක්වෙමින් සිටිද බව වාර්තාවේ. දයාන් ලාන්සා විසින් ගණිකා නිවාස හා සම්භාහන ආයතන ස්ථාපිත කිරීම, කාන්තාවන් බලෙන් පැහැරගෙන විත් එවායෙහි සේවයෙහි යෙදවීම, එයට අකමැති වන්නන්ට ඇසිඩ් ගැසීම හා පහරදීම වැනි කරුණුත් මීගමුව ප්‍රදේශයේ කුඩු හා කසිපුපු ජාවාරම මෙහෙයවීමත්, මීගමුව ව්‍යාපාරිකයින් හා මීගමුව වෙරළ කළාපයේ සිටින වෙළෙන්දන්ට තර්ජනය කර කප්පම් ලබා ගැනීමත් ගැන සිය ලිපියෙහි සඳහන් කර ඇති මෙම සිවි සංවිධාන විසින් පෙන්වා දී ඇත්තේ රජය මීගමුවේ පවතින මෙම දූෂණ හා මැර ක්‍රියා වැළැක්වීමට මැදිහත් විය යුතු බවයි. එසේම අමාත්‍ය නිමල් ලාන්සාගේ සොහොයුරා හා මස්සිනා වන මාක් සුජිත් නමැත්තාද (මෙවර මීගමුව නගර සභාවට 6 වැනි තැනට තේරී පත් වූ රෙමෝනා ලාන්සාගේ සැමියා) පසුගියදා මීගමුව ගණිකා නිවාසයක සිදු වූ මීනීමැරුමක් සඳහාද සැකයට භාජනය වී ඇත්තෙකු බවත් තවදුරටත් ඔවුන් පෙන්වා දෙයි. ජනපතිතුමාට හා රජයට මීගමුව ජනතාවගේ ඇති ප්‍රසාදය දයාන් ලාන්සාගේ ක්‍රියාවන් නිසා අප්‍රසාදයකට පත්ව ඇති බව මීගමුවේ රජයට සම්බන්ධ ප්‍රබලයින් ගණනාවක් මීගමුව සංවිධායක වරයාට පෙන්වා දී ඇති අතර දයාන් ලාන්සා විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිට පසුව ඇසිඩ් ගැසූ බව කියන ඩබ්. ඒ. ඉරේෂා ලක්මිණී කුමාරි නම් කාන්තාවක්ද මේ වන විට එජාප වේදිකාවට ගොඩවෙමින් දයාන් ලාන්සා විසින් තමන්ව බලහත්කාරයෙන් රඳවාගෙන සිට තමා එයට විරුද්ධ වූ පසුව ඇසිඩ් ගැසූ බව එජාප වේදිකාවල ප්‍රකාශ කර ඇත. තවද මේ වන විටත් දයාන් ලාන්සාගේ දූෂිත හා මැර ක්‍රියා වලට එරෙහිව මීගමුව දිසාවේ කතෝලික පියවරුන් කිහිප දෙනෙකු ප්‍රමුඛ සිවිල් සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයා වෙත පෙත්සමක් යවා ඇති බවද දැන ගන්නට ලැබේ.

ලාන්සාගේ මල්ලී මීගමු පුරපති කිරීමට විරොධය

පසුගියදා පැවති මීගමුව නගර සභා මැතිවරණයෙන් සිය සොහොයුරාගේ හා බැසිල් රාජපක්ෂගේ සහායෙන් මනාප 15,460 ක් ලද පලාත් සභා අමාත්‍ය නිමල් ලාන්සාගේ සොහොයුරා වන දයාන් ලාන්සාට නගරාධිපති කම ලබාදීමට එරෙහිව සිවිල් සංවිධාන, මීගමුව කතෝලික පියතුමන්ලා හා මීගමුව සංවිධායක නියොජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න විරෝධය ප්‍රකාශ කළ අතර එනිසාම නිමල් ලාන්සාගේ සොහොයුරා වන දයාන් ලාන්සාට නගරාධිපති කම ලබා නොදී පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු වන ජයවීර නමැත්තාට නගරාධිපති තනතුර ලබාදීමට සංවිධායකවරයා කටයුතු කළ බව වාර්තාවේ

ලාන්සා පවුලේම ඇතුළත ගැටුමක්

එසේම පසුගියදා මීගමු පුරපතිධූරය මුල් කර ගනිමින් පළාත් සභා ඇමති නිමල් ලාන්සා හා ඔහුගේ පවුලේ අය අතර උණුසුම් ගැටුමක් නිර්මාණය වී තිබුණි. මෙවර මීගමුවේ නගරාධිපති ධූරය ජයවීර නම් 7 වැනි ස්ථානයට මනාප ලබාගත් අපේක්ෂකයෙකුට ලබාදීමත් නියෝජ්‍ය නගරාධිපති ධූරය දෙවැනි තැනට මනාප ලබාගත් සකවුල්ලා නම් මුස්ලිම් ජාතිකයෙකුට ලබාදීමත් මේ ගැටුමට හේතු වී තිබේ.

තම සහෝදරයා වන මීගමුව පුරපති අපේක්ෂක දයාන් ලාන්සා හට වැඩිම මනාප ලබා ගතහොත් කෙසේ හෝ මීගමුව පුරපතිධූරය ලබාදෙන බවට පළාත් සභා ඇමති නිමල් ලාන්සා සහතික වී ඇති අතර නිමල් ලාස්නාගේ හා බැසිල් රාජපක්ෂගේ සහායෙන් දයාන් ලාන්සා මනාප 15000 ඉක්මවා ලබාගත්තද දයාන් ලාන්සාගේ දූෂණ ක්‍රියා හේතුකොට ගෙන නගරාධිපතිධූරය ඔහුට ලබා නොදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ජයවීර නමැත්තාට මීගමුව සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්ත කටයුතු කර ඇති අතර මේ නිසා උරණ වී ඇති දයාන් ලාන්සා, ඔහුගේ පියා වන ප්‍රේන්ද්‍රන් ලාන්සා හා වැඩිමහල් සොහොයුරිය වන (මෙවර 6 වැනි ස්ථානයට තේරී සිටින) රෙමෝනා ලාන්සා යන තිදෙනා එක්ව පළාත් සභා ඇමති නිමල් ලාන්සාට දෝෂාරෝපනය එල්ල කර ඇති බවත් එය ගුටි බැට හුවමාරුවක් දක්වා යන විට ඒ අසල සිටියවුන් එය සමථයකට පත් කර ඇති බවත් වාර්තාවේ.

එහිදී "තොට කරන්න බැරිනම් මොකටද මට නගරාධිපතිකම කොහොම හරි අරන්දෙනවා කියලා පොරොන්≥වුනේ....? තොගේ කට විතරයි තොට කරන්න පුළුවන් දෙයක් නැහැ... අපරාදෙ මම තොගේ වචනෙ විශ්වාස කරලා ලක්ෂ 30ක් නිකං නාස්ති කර ගත්තා... දන්නවනම් මම දේශපාලනේට එන්නෙ නැහැ..." යනුවෙන් දයාන් ලාන්සා නිමල් ලාන්සා හට බැන වැදී ඇති බවත්... වාර්ථාවේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ පොලිසියේ ඉහල නිළධාරීයෙක් ප්‍රකාශ කළේ කුඩු හා අනවසර ගිනි අවි තිඛෙන බවට විශ්වාස කටයුතු ඔත්තුවක් ලැබුනත්, පොලීසිය අදාල සෝදිසි කිරීම් සඳහා යන අතරතුර පොලීසියෙම අයෙක් මෙම රහසිගත මෙහෙයුම ගැන නිමල් ලාන්සාට හෙළි කිරීම නිසා ඔවුන් වහා අදාල සිථාන වලින් මත්ද්‍රව්‍ය හා අනවසර ගිනි අවි ඉවත් කර ඇති බවයි.

Tell a Friend