මාස දහයට රිය අනතුරු මරණ 1750 ක්‌

| උපාලි ද සේරම්

මෙම වසරේ (2011) මේ දක්‌වා දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1750 දෙනකු මරණයට පත්ව ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා සඳහන් කරයි.

මෙම වසරේ මේ දක්‌වා රිය අනතුරු 28625 ක්‌ සිදුව ඇති අතර ඉන් 1572 ක්‌ මාරක රිය අනතුරු වන අතර 13463 ක්‌ තුවාල සිදු වූ රිය අනතුරු ද 13590 ක්‌ දේපළ හානි වූ රිය අනතුරු ලෙසද වාර්තා වී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

මෙම රිය අනතුරුවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ නොසැලකිලිමත්කම සහ අපරීක්‍ෂාකාරී රිය පැදවීම බව හෙතෙම පැවසීය.

මෙලෙස වැඩිවන රිය අනතුරු සංඛ්‍යාව අවම කිරීම සඳහා පොලිසිය රියෑදුරන් දැනුවත් කිරීම, මාර්ග නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Tell a Friend