ශ්‍රී ලංකාවට ආඩම්බරයක් වූ සංචාරක මගපෙන්වන්නා.

වමිපස සිට 02 වැනියට

ලොව හොදම සංචාරක මග පෙන්වන්නා ලෙස ශ්‍රී ලංකිකයෙක්ව "වන්දලස්ට්" නමැති බ්‍රිතාන්‍ය සංචාරක සගරාවක් විසින් තෝරා ගෙන ඇත. ඔහු නමින් නොයෙල් බ්රුනෝ ඩෝසන් වේ. ඔහු මෙම තෝරා ගැනීම ගැන දැඩි සතුටට පත්වී සිටින අතර සිය ආදාර මුදලින් ශ්‍රී ලංකාවේ පහසුකම් අඩු පුද්ගලයින්ට වැඩි දුර අද්‍යාපනය ලැබීමට උදවු කිරීම ඔහුගේ අරමුණවී ඇත.

ඩෝසන් ඉන්දියානු සම්බවයක් සහිත ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ දුෂ්කර තේ නෙලන්නන්ගේ පවුලකින් පැවත එයි. ඔහුව තෝරාගත් විනිසුරන් ප්‍රකාශ කර ඇත්තේ හෙතෙම සබැ සංස්කෘතිමය තානාපතිවරයකු බවයි.

ඔහු සංචාරක වියාපාරයට යොමුවීමට පෙර සෙමිනේරිය්ක කතෝලික පුජකයකු වීම සදහා ඉගෙන ගෙන ඇත.

ඔහු බි. බි. සි යට ප්‍රකාශ කර ඇත්තේ වඩාත්ම වැදගත් දෙය කැපවීම බවයි. ඔබ සංචාරක මග පෙන්වන්නකු නම් 24 පැය තුලම සේවයට කැප විය යුතුය. මම මත්පැන් සහ දුම් වැටී පාවිච්චි කරන්නේ නැහැ. මම සෑම විටම සේවාදායකයින්ට උදවු කිරීමට සුදානමින් සිටිනවා යනුවෙන් ඔහු බි බි සි යට වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend