අප වෙත වාර්තාවන පරිදි, 'බිස්නස් ටුඩේ' ආයතනයේ ප්‍රධානී මතීපාතිපන් මහතා මෙම උත්සවය සඳහා මංගල සමරවීර මහතාට ආරාධනා කර ඇතත් ඔහු වෙනුවෙන් රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා සහභාගී වී ඇත. තවද දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන්ද රෝසි සේනානායක මන්ත්‍රීවරියද මෙම උත්සවයට සහභාගී වී ඇති අතර ඔවුන් පිරිස බැසිල් රාජපකෂ අමාත්‍යවරයා සමගත් එම උත්සවයේ විශේෂ දේශනය පැවැත්වූ අග්‍රාමාත්‍ය ලේකම් ලලිත් වීරතුංග මහතා සමගත් බොහෝ වේලාවක් සුහද ශීලීව කතාබහ කර තිබේ.
එසේ වුවද එම උත්සවයේදී බැසිල් රාජපකෂ අමාත්‍යවරයා සහ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගේ හමුව මාධ්‍යවලට විෂයක් වූයේ එදින පසුවරුවේ මංගල සමරවීර මහතා විසින් මාතරදී කරනු ලැබූ විශේෂ ප්‍රකාශයක් හේතුවෙනි. මාතර දියගහ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මංගල සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුනේ ජාතික ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව හා විපකෂ අතර පොදු එකඟතාවයක් තිබීම වැදගත් බවයි.
කෙසේ වුවද බැසිල් රාජපකෂ අමාත්‍යවරයා සහ රුවන් ෆර්ඩිනැන්ඩස් අතර එම උත්සවයේදී කතාබහ වූ කරුණු පිළිබදව කිසිදු තොරතුරක් මේ වනතෙක් අපවෙත වාර්තා වී නැත.


Post a Comment