13 හැවිරිදි සිසුවා දෙවරක් අතවරයට ලක් වෙයි.

ර්ෂි සි. පෙරේරා

කුමුදිනි දෙදරු මවකි. මේ පළමු ලිංගික අතවරය ඇගේ 13 හැවිරිදි පිරිමි දරුවාට සිදුවුයේ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතිනි. දෙවැනි අතවරය සිදුවන්නේ පාසල් බලදාරින් අතිනි.

මෙම ලිංගික අතවරයට අදාල නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අදිකරණයේ විබාග වේ. අතවරයෙන් පසුව අදිකරණයේ නියෝගය පරිදි මේ දරුවාව රැකවරණය සදහා ළමා නිවාසයකට ඇතුලත් කරනු ලැබිණි.

එහිදී ඔහු මුල සිට ඉගෙන ගත් පාසැල වූ ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලයෙන් ඉවත් කර නාවින්න කනිටු විදුහලට ඇතුලත් කෙරිණි. එහිදී දරුවා 8 වසරට සමත් වීමෙන් පසුව නැවතත් දරුවාගේ බාරකාරත්වය අදිකරණය විසින් මවට දෙන ලදී.

ඉන්පසුව මව දරුවාව නාවින්න කනිටු විදුහලෙන් අස් කරගනු ලැබිණි. ඒ මුලින් ඔහු ගිය පාසලට ඇතුලත් කිරීමටය. නමුත් නිශ්ශංක මහා විදුහලේ විදුහල්පති මවට කිවේ කලාප අද්යාපන කාර්යාලයෙන් ලියුමක් රැගෙන එන ලෙසයි.

මව එසේ කළාය. නමුත් නිශ්ශන්කයේ විදුහල්පති ළමයා පාසලට ඇතුලත් කරගැනීම ප්‍රතික්ෂේප කලේ ඔහුගේ අද්යාපන අයිතිය මුළුමනින්ම උල්ලංගන කිරීම මගින් සිදුකලා වූ දෙවන අතවරයද සමගිනි.

දැන් මාස 03 ක පමණ කාලයක සිට කුමුදිනිගේ 13 හැවිරිදි ලොකු පුතාට ඉගෙනීමට පාසලක් නැත.




Tell a Friend