මෙන්න තවත් පොලිසියෙන් පුවතක්: මෙවර තමා සතු වූ ආයුධ පෙන්වීමට ගොස් නොව හාට් ඇටැක් එකකින් සැකකරු මරුට

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි පී. ජේසුදාසන් හෘදයාබාධයකින් මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ව්‍යාජ සහතික ඉදිරිපත් කර ගත් ජංගම දුරකතන සිම් කාඩ් පහක් සමග ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේය.

පසුගිය බ්‍රහස්ප්‍රතින්දා හෙතම පපුවේ ඇති වූ වේදනාවක් නිසා රෝහල් ගත කරනු ලැබූ පසු ප්‍රතිකාර කළ නමුත් අද හවස හෙතම රෝහල්දී මිය ගොය බව පොලිස් වාර්තාවේ දැක්වේ. ලසන්ත පසුගිය 2009 වසරේ අත්තිඩියේදී ඝාතනයට ලක් වූ අතර ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන අයවලුන් රැසක් අත්අඩංගුවේ පසු වේ.

Tell a Friend