තිහාරිය ළමා නිවාසය රජයේ ලියාපදිංචි වී නැත යන්න පරිවාසයේ කෙදනිය ප්‍රකාශයයි. පරිවාසය මේ සැරසෙන්නේ අත්ලෙන් තම සෙළුව වසා ගැනීමටය. පරිවාසයට සමාවට කරුණු කියා වගකීමෙන් නිදහස් විය නොහැක.
හර්ෂි සි. පෙරේරා
හය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය තිහාරියේ ළමා නිවාසය රජයේ ලියාපදිංචි කැර නැතැයි බස්නාහිර පළාත් පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම නිවාසය වසා දැමීමට යයි.
මේ පුවත ඇස ගැටෙන්නේ ළමා ආරක්ෂක අදිකාරියේ ලොක්කා ළමා අපචාර සිදු කරන්නන්ට මරණ දඩුවම දිය යුතු බවට මෝඩ ප්‍රකාශයක් කර එහි උණුසුම මැකියන්නටත් පෙරය. මරණ දඩුවම දඩුවමක් නොවන බව ඇයට මතක් කර දීමට සිදුවීම කෙදජනකය. ඇය මෙවැනි මරණ දඩුවමක් යෝජනා කරන්නේ දුමින්ද සිල්වා නමැති අපචාරකරුවන් සිටින ආණ්ඩුවේ කාර්යාලයක වැදගත් තනතුරක් හොබවමිනි.
තිහාරිය ළමා නිවාසය රජයේ ලියාපදිංචි වී නැත යන්න පරිවාසයේ කෙදනිය ප්‍රකාශයයි. පරිවාසය මේ සැරසෙන්නේ අත්ලෙන් තම සෙළුව වසා ගැනීමටය. පරිවාසයට සමාවට කරුණු කියා වගකීමෙන් නිදහස් විය නොහැක.
මේ රටේ ළමා සුබසිද්දිය ඇති කිරීම පරිවාසයේ සහ ළමා ආරක්ෂක අදිකාරියේ අවංක අබිලාශයනම් වහාම තිහාරිය ළමා නිවාසය පවත්වාගෙන ගිය අයගේ නම් ගම් හෙළි කරන්න. එහි වගකිවයුත්තන් නිතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් දෙන්න.
එසේ නැතිව අපි මරණ දඩුවම දෙනවා යනුවෙන් රජ්ජුරුවන් හා සමානව පරීක්ෂණ කොමිසමක් පත් කරනවයි ලොව හිනස්සන බයිලා ගැසීම නවත්වන්න.
Post a Comment