Home Breakingnews රු.8000කින් වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව බලකරන අයවැය යෝජනාවට අත්සන් තැබීම ඇරඹේ.
රු.8000කින් වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව බලකරන අයවැය යෝජනාවට අත්සන් තැබීම ඇරඹේ.
By Sri Lanka Guardian • October 04, 2010 • Breakingnews • Comments : 0
රාජ්‍ය, පෞද්ගලික, වතු ෙකෂ්ත්‍ර සඳහා රු.8000/ක් වැටුප් වැඩිකරන ලෙසට වු අයවැය යෝජනාවක් ජනාධිපතිවරයාට භාරදීම සඳහා වෘත්තීය සමිති නායකියන්ගේ අත්සන් ලබාගැනීම ඔක්. 02 දා කොළඹ 05, දාබරේ මාවතේ පිහිටි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන මූලස්ථානයේ දී ආරම්භ විය. මෙහිදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත ඇතුළු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අයත් අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයින් ද, රු.8000/ වැටුප් අරගලයට ඒකාබද්ධ වී සිටින වෘත්තීය සමිති නායකයින් රැසක් ද මෙම යෝජනාව සඳහා අත්සන් තැබීය. මෙම අයවැය යෝජනාව අද හා හෙට දිවයිනේ සියළුම වැඩබිම් මට්ටමින් වෘත්තීය සමිති නායකයින්ගේ අත්සන් ලබාගන්නා අතර ඔක්. 06 දා මෙම අයවැය යෝජනාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment