ඉරානය: සිරගත කර සිටින ඇමෙරිකානුවන් තිදෙනාට නිදහස


කිෂානි වැලිවිටිගොඩ 

පසුගිය මාසයේදී ඉරානය විසින් සිර භාරයට ගත ඇමෙරිකානුවන් දෙදෙනා තවත් දින 2 ක් ඇතුලතදී ඇප මත නිදහස් කරන බව ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදි නෙජත් උපුටා දක්වමින් ඇමෙරිකානු රුපවාහිනී සේවයක් වාර්තා කළේය. 2009 ජුලි මස 31 වන දින ඇමෙරිකානු ජාතිකයින් 3 දෙනෙකු වන ෂේන් බෝයෙර්, ජෝෂ් ෆාටල්, සාරා ශෝර්ඩ් යන 3 දෙනා ඉරානයට නීති විරෝධීව ඇතුළු වී යයි පවසමින් අත්අඩංගුවට ගනු ලැබිය. පසුව ඔවුන් තිදෙනා ඔත්තු කරුවන් ලෙස සේවය කල බවට චෝදනා ලැබිය. එහෙත් සාරා ශෝර්ඩ් ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්වය සලකා ටෙහෙරාන් අධිකරණය විසින් 2010 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක ඇප මත නිදහස් කරන ලදී.

කෙසේ වෙතත් අනික් ඇමෙරිකානුවන් දෙදෙනාට පසු ගිය වසරේදී වසර 8 ක සිර දඬුවම් නියම කල නමුත් ඉදිරි දින දෙක තුල එක් අයකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වූ ඇප මත මුදා හැරීමට ඉරාන රජය පියවර ගෙන ඇත. මේ අතර විදෙස් වාර්තා වල සඳහන් වන්නේ ආදාළ ඇමෙරිකානුවන් තිදෙනා කඳු නගින්නන් බවත් උතුරු ඉරාකයේ කන්දක් තරණය කරන අතර තුර අත්වැරද්දකින් ඉරානයට අතුලු වූ බවය.
Tell a Friend