වෙරළ සංරක්‍ෂණ අණපනත් උල්ලංඝණය කරමින් ගාල්ල අහුංගල්ල වෙරළ තීරයේ හෝටලයක් ඉදි කිරීමට ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස පෙනී සිටින වෛද්‍ය අජිත් රණවක මහතාට අනුමැතිය ලබා දී තිබේ.
අහුංගල්ල තොටවත්ත පාරේ ආදාගල, ඕකඬේ සහ මෝයකට ආශි‍්‍රත වෙරළේ මෙම හෝටලයේ ඉදි කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, බලපිටිය ප‍්‍රාදේශීය සභා සේවකයන් යොදා ගනිමින් ඒ සඳහා ප‍්‍රවේශ මාර්ගයද ඉදි කරමින් තිබේ.
වෛද්‍ය අජිත් රණවක මහතා මෙම ඉදි කිරීම සඳහා වෙරළ ආසන්න ඉඩම මිලදී ගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. අදාළ ඉඩමේ සිට වෙරළ තෙක් දැවැන්ත තාප්පයක් ඉදිවෙමින් පවතී.
හෝටලය ඉදිකිරීමත් සමග අසල ධීවර තොටපොළේ ධීවරයන්ට මෙන්ම, ප‍්‍රදේශවාසීන්ට එම භූමියට ඇතුලූ වීම සීමා කර ඇත.
අදාළ ඉදිකිරීම් නතර කරන ලෙස වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර ඇතත්, එකී නියෝග නොතකා ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
පර්චස් 50 ක පමණ භූමි ප‍්‍රමාණයක් හෝටලය ඉදි කිරීම සඳහා වෙන් කර ගෙන ඇති අතර, ඒ සඳහා ඔප්පුවක් පවා පිළියෙළ කරගෙන ඇතැයි වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
හිටිහැටියේ ප‍්‍රභූන් මෙහි එන යන බවත්, එවැනි දිනවල ආරක්‍ෂක හමුදාවන් පීඩාකාරී ලෙස අවට ප‍්‍රදේශය පරික්‍ෂාවට ලක් කරන බවත්, තොටවත්ත ධීවර තොටුපොළ ආශි‍්‍රත ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින්ට පැමිණිලි කර තිබේ.
- www.lankanewsweb.com
Post a Comment