ලිබ්යාවේ කළු අප්‍රිකානුවන් අත්අඩංගුවට ගැනීම නතර කරන්න.


හර්ෂි සි. පෙරේරා

ලිබියාවේ අගනුවර වූ ට්‍රිපොලිහි ජාතික සංක්‍රාන්ති කවුන්සිලය, අප්‍රිකානු සංක්‍රමණික සේවකයින් සහ මුදලට සේවය කරන කළු ලිබියානුවන් අත්තොනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ අපයෝජනය කිරීම වහා නතර කලයුතු බව හියුමන් රයිට්ස් වොච් කියා සිටි.ඔවුන් හමේ තද පැහැය නිසා රදවා ගෙන සිටින මුදලට ශ්‍රමය සපයන්නන් වහා නිදහස් කලයුතු බවත් නැතිනම් ඔවුන්ට අපරාද ක්‍රියා සම්බන්දයෙන් සාක්ෂි ඇත්නම් ඒ පිළිබද වහා අදිකරණ විමර්ශන පැවැත්විය යුතු බවත් හියුමන් රයිට්ස් වොච් වැඩි දුරටත් කියා සිටි.

උප සහරා අප්‍රිකාවේ දස දහස් ගණන් සංක්‍රමික සේවකයින් විමුක්ති සටන්කරුවන්ගෙන් මෙන්ම ඔවුන්, මුදලට ගඩාපි වෙනුවෙන් සටන් කල බවට චෝදනා කරන ලිබ්යානු පුරවැසියන්ගෙන් ද එල්ල වන හිරිහැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් ඔවුන්ව ආරක්ෂා කර එමගින් ජාතික සංක්‍රාන්ති කවුන්සිලය තමන්ට මානව හිමිකම් පිලිබදව ඇති කැපවීම යථාර්තයක් කලයුතු බව හියුමන් රයිට්ස් වොච් කියා සිටි.

Tell a Friend