සමාව ගන්නේ නෑ - ඊශ්‍රායලය

කිෂානි වැලිවිටිගොඩ

ගාසා තීරයට ආධාර ගෙන යමින් තිබු තුර්කි නවුකාවට තම හමුදාව විසින පහර දී සිදු කළ පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් කිසිදු අවස්තාවක අවතාවකට තමා සමාව ගැනීමට සුදානම් නැති බව ඊශ්‍රායලයේ අගමැති අද ( සැප්. 04) ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අගමැති බෙන්ජමින් නෙටන්යාහු අදාළ ප්‍රහාරයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් මෙන්ම තුර්කිය විසින් තම ඊශ්‍රායලය සමග තිබු තානාපති සම්බන්ධතා නවතා දැමීම ගැන කනගාටුව ප්‍රකාශ කළේය.

පසුගියදා තුර්කිය කියා සිටියේ ඊශ්‍රායල සිදු කල ඝාතන වලට සමාව ගැනීම සහ ගාසා තීරයට යවන ආධාර කිසිදු හිරිහැරයකින් තොරව යැවීමට ඉඩ ලබා දෙන තෙක් ඊශ්‍රායලය සමග සම්බන්ධතා යලිත් ඇති කර නොගන්න බවයි.

නමුත් අගමැති නෙතන්යාහු ගාසා තීරයට ආධාර යැවීමේ මුවාවෙන් අවි ආයුධ සැපයීමට අනු බල දෙන කිසිවෙකුගෙන් සාමාව ගැනීමට අවශ්‍ය නැති බව සඳහන් කළේය. එහෙත් තුර්කිය සමග අනවශ්‍ය සතුරුකම් ඇති කර ගැනීමට තමා කැමති නොවන බවට හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

Tell a Friend