කිෂානි වැලිවිටිගොඩ
ලිබියානු කැරලිකරුවන් විසින් ලිබියාවේ බලෙන් පහකරනු ලැබූ ඒකාධිපතියාගේ ආණ්ඩුවේ අලුගෝසුවා ලෙස කටයුතු කළ හුඩා බෙන් අමේර් පසුගිය සිකුරාදා ට්‍රිපෝලි අත්අඩංගුවට ගැනීම ප්‍රීතියට කාරණයක් බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.
හුඩා නමැති කාන්තාව ගඩාෆි ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරියක් වූ අතර ඇයගේ නායකත්වය යටතේ එරට මැති ඇමති වරුන් විදේශ සංචාර වල පවා යෙදී ඇත. දශක ගණනාවක් තුළ ලිබියානු නායකගේ සමීප තමයෙකු ලෙස ගතයුතු කළ ඇය පිළිබඳව එක්තර කැරලි නායකයෙකු රුපවාහිනී සේවාවකට සඳහන් කළේ ඇය අල්ලා නොගත්තේනම් ලිබියාවේ තවත් විශාල පිරිසකගේ බෙල්ල කැපීමට ඇය අණ දෙනු ඇති බවයි.
ලිබියාවේ කැරලි ආරම්භ වූ පෙබරවාරි මාසයේදී හුඩා ඇතැම් විපක්ෂ ක්‍රියාකාරිකයින් නිවෙස් තුළ තබා ඒවාට ගිනි තැබීමට අණ දුන්නාය. ලබිය්වේ ජනතාව අතර හුඩා අල සන්නගා ලෙස හැඳින්වෙන ඇයගේ අනුවර්ත නාමය සරල වශයෙන් අළුගෝසු හුඩා ගැහැණිය ලෙස හැඳින්විය හැකිය.
අයගේ අණින් ලිබියාවේ සිසිසුන් මෙන්ම තරුණ නායකයින් රැසක් මරා දැමීය. විශේෂයෙන් ඇමෙරිකාවේ සිට ගුවන් සේවා ඉංජිනේරු ශිල්පයට අදාලව උපාධියක් ලබාගෙන ලිබියාවට පැමිණි 30 හැවිරිදි අහ්මෙඩ් අල් ස්වේදී 1984 දී අත්අඩංගුවට ගත් අතර එල්ල මරාදැමීම හුඩා අණ කළාය.
එසේම 1987 දී සිසුන් 07 දෙනෙකු ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීමට ගඩාෆි සමඟ ඇය එකතු වුවාය. එසේම ඉස්ලම ආගමට විරුද්ධව නෙදර්ලන්ත පුවත්පතක් විසින් කාටුනයක් පල කිරීමට විරුද්ධව වීදි බැස ජනතාවට ඇය විසින් ප්‍රසිද්ධියේ වෙඩි තැබූ බව වාර්තා සඳහන් කරයි.

Post a Comment