අපොස උසස්පෙළ විභාගය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැති මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකදී දස හැවිරිදි දැරියක කෙළෙසීම හා ඊට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට අත් අඩංගුවට ගත් පස් දෙනෙක් මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහග සිවුදෙනෙක් රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇපමත මුදාහරිනු ලැබූහ. සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු මත්පැන් බී සිටි බව අකුරැස්ස රෝහලේ වෛද්‍ය සී.වී.පී සුනිල් මහතා වාර්තාවක් ඉදිරිපත් කැර ඇතැයි පොලිසිය මහේස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නාය.
දෙනිපිටියල උඩුකාවේ කිරිත්ගොඩ ගමගේ බුද්ධික නුවන් කුමාර :30* නම් හිටපු ගුවන් භටයාදල දෙනිපිටිය කට්ටිය දුවේ බන්දුල හේවා පතිරණ නම් විභාග ශාලාධිපතිදල දෙනිපිටියේ බෝපිටිය මහ ගමගේ ඉන්දික සුරංග නම් මුරකරුද හල්ලල වැලිපිටියේ සරත් හේවාපතිරණ :17403* නම් අකුරැස්ස පොලිසියේ සැරයන්දල තෙලිජ්ජවිල අකුරුගොඩල පදිංචි කිරිත්ගොඩගමගේ ප‍්‍රදීප් කුමාර :56075* කොස්තාපල්ද :ගුවන් භටයාගේ සොහොයුරෙකි* රිමාන්ඞ් බාරයට පත් කළ අයවෙතිග තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ පදිංචි දීයගහ වඩුගේ ධර්මතිලක :කනහලාගම විදුහල්ති හා විභාග සම්බන්ධීකරණ නිලධරයාද* පාලටුව දඹකොලේවත්තේ රංජන කුමාර වෙත්තසිංහග :විභාග ශාලාධිපති* වියන්ගොඩ ආචාරිගේ චන්ද්‍රසිරි :විභාග ශාලාධිපති* හා කිරිමැටිමුල්ලේ පදිංචි චන්ද්‍රසිරි ජාතුංග දහනායක නම් මුරකරුද රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හළ අයවෙති.
මේ සිවුදෙනා මත්පැන් බී නොසිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන්වේ.
අකුරැස්ස පොලිස් පරීක්‍ෂක මහීපාල පතිරණ මහතා විසින් සැකකරුවෝ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.
- හර්ෂි -

Post a Comment