එක රටයි. එක නීතියයි.

හර්ෂි සි. පෙරේරා
රිසානාගේ බෙල්ල කපන්නට උත්සහ කරන පිරිස පිටුපස සිටින්නේ කවුද? මිට ටික කලකට ඉහත කුරුණෑගල ඉබ්බාගමුවේ මුස්ලිම් තරුණියකට වදහිංසා පැමිණවීම පිටුපස සිටියේ කවුද? ආගමයි.

රටක් බහු ජාතික, බහු ආගමික විය හැක. නමුත් පැවතිය හැක්කේ එක නීතියකි.

පළමු පුවත

මඩකළපුවල නොච්චිමුණෙයිල නාවට්කුඩා ප්‍රදේශයේ සැක කටයුතු අයුරින් හැසිරුණු පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් පහරදීමේ සිද්ධියක් මත අද:13* එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ප්‍රදේශවාසීන් විසින් එම පුද්ගලයාට පහරදෙමින් සිටියදී එම ස්ථානයට පැමිණි හමුදා නිලධාරීන් ප්‍රදේශවාසීන් විසිරුවා හැරීමට කටයුතු කිරීම නිසා ඔවුන් විරෝධය පළකිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

දෙවන පුවත

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි 17 හැවිරිදි ගැහැණු ළමයකු අසබ්ය වීඩියෝ දර්ශන නැරබුවයි කියා ජනතාව ලවා පහරදී ඇත. මේ ක්‍රියාව දෙස් විදෙස් විවේචනයට ලක්වීමෙන් පසු පිඩාවට පත් ළමුන් නිවැරදි බව කියා දැන් එම මුස්ලිම් පල්ලිම ලවුඩ් ස්පිකර් මාර්ගයෙන් කාත්තන්කුඩි ජනතාව දැනුවත් කරති.

රිසානාගේ බෙල්ල කපන්නට උත්සහ කරන පිරිස පිටුපස සිටින්නේ කවුද? මිට ටික කලකට ඉහත කුරුණෑගල ඉබ්බාගමුවේ මුස්ලිම් තරුණියකට වදහිංසා පැමිණවීම පිටුපස සිටියේ කවුද? ආගමයි.

ආගමකට රටේ නිතිය විය නොහැක. එමෙන්ම ආගමකට රටවැසියන්ට දඩුවම් පැමිණවිය නොහැක. නීතියට හිමි තැන, ආණ්ඩුවට හිමි තැන ආගමට හිමි වීම අප රටක් ලෙස ම්ලේච්චත්වය කරා යාමකි. මෙයට විරුද්ද වෙමු.



Tell a Friend