ජවිපෙ සහ විමල් එකට උද්ගොෂණයේ

පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහිව නමැති මහා මෙහෙයුමේ අණදෙන නිලධාරියා වන නිවාස සහ ඉදිකිරීම් ඇමති විමල් වීරවංස අද දිනයේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව උද්ගෝෂණය කළහ. එහි අරමුණ වූයේ ඇමෙරිකාව විසින් වසර 12 ක් තිස්සේ නීති විරෝධී කටයුතු කළ බවට චෝදනා කරමින් රඳවාගෙන සිටින කියුබානු ජාතිකයින් පස්දෙනා නිදහස් කර ගැනීමට බලපෑම් කිරීමයි. අදාල උද්ගෝෂණය පැයක් පමණ තිබු බව වාර්තා වේ. විමල් වීරවංස ජවිපෙන් එලවා දැමු එහි හිටපු ප්‍රචාරක ලේකම් වරයෙකි. Tell a Friend