ජි. එල් ට ඉක්මනින් ඉතිහාසය අමතක වීම

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලිබියාවට එල්ල කරන ගුවන් ප‍්‍රහාර අනුමත නොකරන බවත් මේ අවස්ථාවේ ලිබියානු ජනතාව සමග අප ළඟින්ම සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. ලිබියාවට එල්ල කරන ගුවන් ප‍්‍රහාර හෙළා දැකිය යුතු යැයි පත්කළ මන්ත‍්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා සභාව කල් තබන අවස්ථාවේ කළ යෝජනාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

අපි 2009 මැයි මාසයට යමු. එදා බොහෝ දේ සිදුවිය. සිංහලයින්ට ජය ලැබිණි. විදේශික දෙමලයින්ට මා මෙසේ කියන්නේ අප කියන්න ලජ්ජා වුවත් කොයිම මොහොතකදී හෝ අප විසින් ඔවුන් පර දෙමළා ලෙස හදුන්වන ලද බැවිනි, පරාජය අත්විය. කෙනෙක් එල් ටි ටි ඉ ය පරාද වූ බව කිව හැක. නමුත් ඇත්ත නම් දෙමළ ජනතාව පරාජය වීමයි.

මෙම යුද්දයේදී විශාල ගණනක් සිවිල් වැසියන් මරමුවට පත් විය. එයට රජයේ හමුදාවන්ට මෙන්ම එල්. ටි. ටි. ඉ යට චෝදනා එල්ල විය. රාජපක්ෂ ජනදිපතිවරයාට විරුද්දව යුද අපරාද චෝදනා විබාග කිරීමට කෙරෙන්නා වූ බලපෑම් වල අඩුවක් නැත. සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි සටන්කාමීන් සහ සිවිල් වැසියන් ගාතනය කල බවට රජයේ හමුදාවන්ට බරපතල චෝදනා එල්ල වේ.

මෙසේ අපේ රටේ යුද්දයේ අවසන් අදියර තුල සාමාන්‍ය වැසියන් මැරෙන විට අද ලිබියාවට මෙන් එදා අප රටටද බටහිර රටවල් මැදිහත් වුණා නම් මොකද වෙන්නේ? ජි. එල් ගේ අනුකම්පාව ගඩාපිට මිස එකදීපති පාලනයකින් පිඩාවට පත් ලිබියානු ජනතාව කෙරෙහි නොවීම ඉතා කණගාටුදායකය.


හර්ෂි සි. පෙරේරා