හර්ෂි සි. පෙරේරා
වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයින්ට මානසික සුවය ලබා දීම සදහා ප්‍රකාශන තෙරපිය සිදු කරනු ලැබේ.
එය සැසිවාර සතරකින් යුක්තය. පළමු සැසිවාරයේදී වින්දිතයාගේ සිද්දිය ලියා ගැනීම සහ ප්‍රශ්නාවලියක් සම්පුර්ණ කිරීම සිදු වේ. දෙවන සැසිවාරයේදී අදාල කතන්දරය කියවාදී එහි අඩුපාඩු සකස් කරනු ලැබේ.
තෙවන සැසිවාරයේදී වින්දිතයා කැමති නම් විශාල පිරිසක් ඉදිරියේ ඔහුගේ හෝ කතන්දරය කියවනු ලැබේ. එම කතන්දරය ලස්සන පොතකට සකස් කර එය සම්මානයක් සමග පිරිනැමේ. මෙම සම්මානයේ "වදහින්සාවෙන් තොර ශ්‍රී ලංකාවක් - ජනසංසදය" යන අකුරු කොටා තිබේ. මෙම උත්සවයට මානසික විවේකය ලබා දෙන සංගීතයන් සහ නාට්‍ය අංගයන් - උදාහරණයකට සළු පාලිය, වෙස්නැටුම, ජස ලෙන්චිනා කොලම පවත්වනු ලැබේ. තෙවන සැසිවාරය දෙවන සැසිවාරයෙන් සති දෙකකට පසුව පවත්වයි.
හතරවන සැසිවාරයේදී ප්‍රශ්නාවලිය සම්පුර්ණ කරනු ලැබේ. මෙය තෙවන සැසිවාරයෙන් මාසයකට පසුව පවත්වයි.
ජනසංසදය මේවන විට වදහින්සාවට ලක් වූ වින්දිතයින් 40 දෙනෙකුට පමණ ප්‍රකාශන තෙරපිය සිදු කර ඇත.
2011.11.10 දින වදහින්සාවට පාත්‍ර වින්දිතයින් තිදෙනෙකුට ගාල්ල හසාරා හෝටලයේදී ප්‍රකාශන තෙරපියට අදාල උත්සවය පවත්වනු ලැබිණි. එයට 65 දෙනෙක් සහබාගි විය. ඊට අදාල චයාරුප පහතින් දක්වා ඇත.
Post a Comment