අවතැන්වූවන්ට දඩුවම් කිරීම.

හර්ෂි සි. පෙරේරා
වවුනියාව පූන්තොටම් කදවුරේ සිටින අවතැන් ජනයාට වතුර සහ විදුලිය අහිමි කිරීමට බලදාරින් කටයුතු කර ඇත.

බි. බි. සි වාර්තාකරු දිනසේන රතුගම මහතා පවසන ආකාරයට මෙය වන්නියේ නැවත පදිංචිවීමට අකමැති වූ අවතැන් ජනයාට දඩුවම් පැමිණවිමකි.

මේ තත්වය හේතුවෙන් වඩාත්ම අසරණ වී ඇත්තේ 05 වසර ශිෂත්වය, සාපෙළ සහ උසස් පෙළ සදහා පාඩම් කරන සිසුන්ය. මහින්ද රාජපක්ෂ ජනදිපතිවරයා 2006 දී ළමුන් උපමා කලේ සමනලයින්ටය. ඉතින් ඔහුගේ ආණ්ඩුව සමනලුන් ජාතිය අනුව වර්ගීකරණය කරයිද?

මෙසේ අවතැන් ජනයා පිඩාවට පත් කිරීම ආණ්ඩුවේ සුළුතර ජනයාට සමානව සැලකීමේ සහ ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති නොහැකියාව පමණක් නොව අකමැත්තද මුළු ලොවටම හඩගා කියයි.






Tell a Friend