හර්ෂි සි. පෙරේරා
මේ ඇමතිවරයාට විලිලජ්ජාවක් නැත. ඊටත් බයානක දේ ඔහුට කොන්දක් නැති බවයි. පහත පුවත ගොසිප් ලංකා වෙබ් අඩවියේ පල විය.
හොඳ තත්වයේ භාණ්ඩ හඳුනාගන්නට නම් එස් එල් එස් සලකුණ බලන්න යයි දිගු කාලයක සිට ජනතාවට උගන්වා ඇත.
ශ්රී ලංකා ප්රමිති ආයතනය සපයන එස් එල් එස් ප්රමිති සහතිකය ගැන ජනතාවට විශ්වාසය ඇති කර තිබෙන්නේ දශක ගණනාවක පටන්ය.
වෙළෙඳ භාණ්ඩ නිපදවන සමාගම් මෙම සලකුණ තම නිෂ්පාදනයට ලබාගන්නට පොරකන්නේ එය තම නිෂ්පාදනයේ අලෙවියට සෘජුව බලපාන සලකුණක් වන බැවිනි. එය ලබන්නට නම් තත්වයෙන් උසස් භාණ්ඩ නිපදවිය යුතුය.
නමුත් හොර පාරෙන් හිතවත්කමින්ද එස් එල් එස් සලකුණ ලබාගන්නවා නම් සිදුවන්නේ ජනතාව ගොනාට අන්දවනවා පමණක් නොව පාරිභෝගිකයින්ට තත්වයෙන් බාල දේ ඉදිරිපත් කර අන්තරාවටද පත්කිරීමකි.
පාර්භෝගික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු අද මෙම එස් එල් එස් සහතිකය හොරට දෙන බවට හෙළිදරව්වක් කළේය. ඔහු සඳහන් කළේ සිමෙන්ති ආනයනයේදී මේ බව සිදුව ඇති බව තමාට වාර්තාවී ඇති බවකි. නමුත් වෙනත් නිෂ්පාදන වල තත්වය ගැන ඔහු කිව්වේ නැත.
ඇමතිවරයාම එස් එල් එස් සහතිකය ගැන මෙසේ සහතිකයක් ලබා දෙන විට පාරිභෝගිකයින්ට කාගේ සරණක්ද? හොඳ යයි කියන භාණ්ඩ වල ප්රමිතිය ගැන නැවත සිතන්නට දැන් කාලය එළැඹ තිබේ.
Post a Comment