හර්ෂි සි. පෙරේරා
මිල්ලන්ගොඩ රජාගේ අවසන් කටයුතු ගරු බුහුමන් මද්‍යයේ සිදුවිය. බෝතලේ ඩි එස් සේනානායක පරම්පරාවේ අවසන්ම රාජා වන ගාමිණිට සෙත් පතා පින්කම් පැවැත්වේ. සත්ව හිමිකම් ගැන රට දක්වන බුහුමන පැසසුමට ලක්විය යුතුය. එයට විවාදයක් නැත.
එහෙත් සියල්ල සිදුවන්නේ මානව හිමිකම් ගැන තැකීමක් නැති අතුරුදහන්වූ මරා දැමුවන් ගැන කදුළු බිදුවක් නොසලන වාතාවරණයක් තුලදීය. පට්ටනි රාසික්ගේ සිරුර හමුවිය. ප්‍රගීත් එක්නලිගොඩට සිදුවූ දේ ගැන කිසිදු තොරතුරක් නැත. පහරකෑමට ලක්වූ උදයන් මද්යවෙදියා සම්බන්දයෙන් අපරාදය සිදු කල වුන්ට එරෙහිව නීතිමය පියවර ගත්තාද? ඒ පිලිබදව පොලිස්පතියා නිකුත් කල වාර්තාව කුමක්ද? ඒ ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අයිතියක් ඇත.
යුද්දය පැවතී සමයේ සහන සේවකයින් 17 දෙනෙකු ගාතනය කෙරිණි. මේ දක්වා අපරාදකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත. දිනපතාම රටේ සෑම මොහොතකම සෑම පොලිස් ස්ථානයකම පුද්ගලයකු වදහින්සාවට බොරු නඩු දැමීමට ගොදුරු වේ.
නමුත් රජු නිහඩය. නමුත් රාජලට සෙත් පතයි. එනම් මිනිසුන්ට නැති සැලකිලි කකුල් සතරේ අයට ඇත.
Post a Comment