රියදුරන්ට බාල පෙට්‍රල් ! රෝගීන්ට බාල උපකරණ !

හර්ෂි සි. පෙරේරා

දුෂිත පෙට්‍රල් පිළිබද තත්වය නැවතත් කරලියට පැමිණ ඇත. නමුත් බලදාරින් එය ප්‍රතික්ෂේප කරති. අලුත්ම දුෂිත තත්වය වාර්තා වන්නේ සවුක්ය ක්ෂේත්රයෙනි.

එනම්, රෝගීන්හට සේලයින් ලබාදෙන තත්ත්වයෙන් බාල උපකරණ කට්ටල (අයි.වී. සෙටි)* තොගයක් වෛද්‍ය සැපයුම් අංශය විසින් ගෙන්වා රෝහල් වලට බෙදාහැර ඇතැයි වාර්තා වේ.

මෙම සේලයින් උපකරණ කට්ටලයේ කවරයට පිටින් සුදු පැහැති ස්ටිකරයක් අලවා ඇති අතර, එම ස්ටිකරය ඉවත් කල විට පැකට් එකෙහි කවරයේ සිදුරක් දක්නට ඇත. මේ සම`ග බෙදා හැර ඇති සිය`ඵ සේලයින් උපකරණ කට්ටල වල මෙම ස්ටිකරය හා සිදුර දක්නට ඇත.

සාමාන්‍යයෙන් මෙම උපකරණ කට්ටල සම්පූර්ණ ජීවාණුහරණය බිඳවැටී ඇතිනම් රෝගීන්හට බරපතල ගැට`ඵ හා රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවති.

ඉහත දුෂිත වයිද්‍ය උපකරණ පිළිබද පුවත අද විද්‍යුත් මාද්‍ය වාර්තා කර තිබිණි. මේ රටේ අස්සක් මුල්ලක් නැර දුෂණය පැතිර ඇති බවට මෙය කදිම නිදසුනකි. එය හිරගෙදර ජෙලර්ගේ සිට ප්‍රථම පුරවැසියා දක්වා වියාප්තව ඇත.

නමුත් ශ්‍රී ලංකාවට වඩා දුෂිත රටවල් එයින් අත්මිදුනු බවට උදාහරණ ඕනැ තරම් ඇත. එනිසා සාමාන්‍ය ජනයාගේ ශක්තිය පිළිබද බලාපොරොත්තු අත් නොහරිමු.


Tell a Friend